Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

“මගේ යාළුවොත් එහෙම කියනවා… ඒ වගේම විශ්වාසය මම අත්විඳිනවා…” ඔහුත් එක්ක හීන මවපු ජීවිතේ විඳින ඇය කී කතාව මෙන්න..

විවාහය කියන්නේ, ගැහැනියකගේ ජීවිතයේ දෙවැනි උපත කියලා ගොඩක් දෙනෙක් කියනවා..

ඒ කතාව නම් සැබවින්ම සත්‍යක්.. ඇයට හමුවෙන සැමියා මොන තරම් හොඳ කෙනෙක්ද..?

ඇයව මොන තරම් නම් තේරුම් ගන්නවාද කියන කාරණය මත ඔවුන් දෙදෙනාගේ ජීවිතය සාර්ථක කරගන්නත් පුළුවන්..

ඇයත් අන්න ඒ වගේ සුන්දර විවාහ ජීවිතයක් ගත කරන කාන්තාවක්.. අමන්දා සිල්වා..

සමාජ මාධ්‍ය අතරේ නිතර දෙවේලේ දකින්න ලැබෙන මේ සුරූපිනිය ඇගේ විවාහ දිවිය ගැන මෙන්න මේ වගේ ලස්සන කතාවක් තමයි කියලා තිබුණේ..

“විවාහයෙන් පස්සෙ මම හිටියට වඩා සතුටෙන් ඉන්න බව මට දැනෙනවා. මගේ යාළුවොත් එහෙම කියනවා. ඒකට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මම විවාහ වෙන්නෙ මාව තේරුම් ගත්ත මගේ සතුට ගැන හිතන කෙනෙක් වීම. ඔහු ගොඩාක් ආදරයෙන් මාව බලා රැක බලා ගන්නවා.

විවාහ වුණා කියලා මම ගෙදර වැඩ කරන්න ඕන කෑම උයන්න ඕන කියල දෙයක් අපි දෙන්නගෙ ජීවිතේ නැහැ. ඩයස් විවාහයට පෙර තනියම කෑම බීම හදාගත්ත කෙනෙක්. ඒ නිසා එයාට හොඳට උයන්න පුළුවන්. ඒ වගේම මටත් හොඳට උයන්න පුළුවන් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ගෙදර අස් කළත් කෑමක් බීමක් හැදුවත් එයා ඒක බොහොම අගය කරනවා. මමත් එහෙමයි. මේ දේවල් නිසා අපේ ආදරය සතුට තවත් වැඩිවෙනවා. දෙදෙනා බෙදාගෙන වැඩ කිරීම තුළ ජීවිතය සාර්ථක වෙනවා කියලා විශ්වාස කදරනවා. ඒ වගේම විශ්වාසය මම අත්විඳිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!