දේශීය පුවත්

සදාචාරාත්මක පිරිසිදු රටක් හදන ක්ලීන් ශ්‍රි ලංකා දැවැන්ත ව්‍යාපෘතිය වැඩ අරඹයි

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹනක්ලීන් ශ්‍රීලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරුණා. පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇතිකර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කරදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

පොහොසත් රටක්ලස්සන ජීවිතයක්නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබනක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලනඅමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!