Uncategorized

ලබන සඳුදා දවල් 12.12ට මේ වෙන දේ ඇහුවොත් ඔබත් පුදුම වේවි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල එළඹෙන සඳුදා දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා පවසනවා.

සූර්යයා සෑම වසරකම දෙවරක් අප රටට ඉහළින් මුදුන් වන බවත්, ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම එළඹෙන සඳුදා දින දහවල් ලබා ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කරනවා.

මෙසේ ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන් වීම 04/04 දින දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වන අතර, පුරා දින 10 ක පමණ කාළයක්, සූර්යයා එසේ ශ්‍රී ලංකාවට ඉහලින් විවිධ ප්‍රදේශ වලට දහවල් කාළයේ මුදුන් වන බවත්, එළඹෙන 04/15 දින එය පේදුරු තුඩුව ප්‍රදේශයේ දී සිදු වන බවත් ඉන්පසුව එම මුදුන් වීම ශ්‍රී ලංකාවෙන් බැහැරට යන බවත් ඔහු පවසනවා.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා 04/07 දින දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කඳවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක්, යකඩ කුරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද ඔහු සදහන් කළා.

මෙම කාළය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත අතර, රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත්, එය සමනය කිරීම සඳහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!