කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණඅගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට 1.7 ක අවධමනයක් ද, ඊට පෙර මස එනම් නොවැම්බර් මස සියයට 2.1 ක අවධමනයක් ද, ප්‍රදර්ශනය කළ බව මහ බැංකුව සඳහන් කරයි.
ආහාර නොවන කාණ්ඩයේ අවධමනය දෙසැම්බර් මාසයේ සියයට 3.0 ක් බවට පත්වෙමින් සුළු පහළ යෑමක් ඇති බවත් නොවැම්බර් මසඑම කාණ්ඩයේ අවධමනය සියයට 3.3 ක්ව පැවැති බව මහ බැංකුව සඳහන් කරයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක් බවට පත්ව සුළු ඉහළ යෑමක් පෙන්වන බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවඑය නොවැම්බර් මස සියයට 0.6 ක්ව පැවැති බව ද සඳහන් කරයි.
මාසික පදනම මත මනින කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 1.19 ක ඉහළ යෑමක් වාර්තා කළ බවත්ආහාර කාණ්ඩයේ අයිතමවල සියයට 1.24 ක මිල ඉහළ යෑම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල සියයට 0.06 ක පහළ යෑමඑයට බලපෑ බවත් මහ බැංකුව කියයි.
ආර්ථිකයේ යටිදැඩි උද්ධමන ප්‍රවණතා ප්‍රදර්ශනය කරන වාර්ෂික ලක්‍ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 2.7 ක් ලෙස නොවෙනස්ව පවතින බව ද මහ බැංකුව පවසයි.
බලශක්ති මිල සැලැකිය යුතු ලෙස පහළ යෑම සහ නිතර මිල උච්චාවචනය වන ආහාරවල මිල පහළ යෑමේ අඛණ්ඩ බලපෑම මෙන්ම2024 මුල් භාගයේදී බදු සංශෝධනය කිරීම් නිසා මිල ඉහළ යෑමෙන් ඇති වූ සැලකිය යුතු පදනම් බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනයඉදිරි මාසවලදී සෘණ අගයක් අපේක්‍ෂා කරන බවත් කෙසේ වුවද ඉන් අනතුරුව උද්ධමනය ධන අගයකට පත්වී සුදුසු ප්‍රතිපත්තිමයක්‍රියාමාර්ගවල සහය ඇතිව මැදිකාලීනව ඉලක්කගත සියයට 5 ක මට්ටමකට ක්‍රමයෙන් ළගාවනු ඇතැයි උපේක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකාමහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
Iri News