සයුරෙන් එහා පුවත්

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා🦎

සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි.

සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී තිබුණා.

ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා තිබෙනවා.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශනවලදී අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

අසල්වැසියන් නිවස පරික්ෂා කරන විට සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී අහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයා ගත් බවත් මරණයට හේතුව එම හූනා බවත් නයිජීරියා මාධ්‍ය වාර්තා කර තිබෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!