අයිසින් ලෙස හදුන්වන මෙම රුපලාවන්‍ය ක්‍රියාකාරකම මගින් සමේ පෙනුම වැඩිදියුණු කරගන්නට හැකියාව තිඛෙන නිසා රූපලාවන්‍ය විශේෂඥයින් බොහෝ කාලයක් තිස්සේ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා.
කොරියානු රුවැත්තියන් ඔවුන්ගේ සම අලංකාරවත් කරගැනීම සදහා භාවිතා කරන ප්‍රසිද්ධ ප්‍රතිකාර ක්‍රමයක් විදියටද මෙය හදුන්වන්න පුළුවන්.
සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන පරිදි සම මත අයිස් තැවරීමෙන් මෙම පහත තිඛෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන් ලැඛෙනවා.
සම නැවත ප්‍රාණවත් කරගැනීම.
සම රැළි වැටීම වලක්වාලීම.
කැළැල් වලට සහ කුරුලෑ වලට එරෙහිව සටන් කිරීම.
රුධිර සංසරණය වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සම්පන්න වර්ණයක් සමට ලබාදීම.
උදේ සහ සන්ධ්‍යා කාලයේදී සිදුකරනු ලබන මෙම ප්‍රතිකාරය මගින් ලැඛෙන තවත් සෞඛ්‍ය ප්‍රතිලාභයන් කිහිපයක් පිලිබදව පහතින් ඔබට දැකගන්නට පුළුවන්.
1. සිනිදු සමක්.
සම මත අයිස් තැවරීමෙන් සම තද ස්වාභායකට පත්වෙන අතර තෙල් සහ අපවිත්‍ර දෑ හේතුවෙන් විශාලනය වී ඇති මුහුණේ ඇතැම් කොටස් හැකිලීමක්ද සිදු කරනවා. තවද සමේ වර්ණය සකස් කරමින් සම සිනිදු එකක් බවටද පත් කරනවා.
2. රුධිර සංසරණය වැඩිදියුණු කිරීම.
සම මත අයිස් තැවරීමෙන් රුධිර සංසරණය වැඩිදියුණු කරගන්නට පුළුවන්. රුධිර නාල සංකෝචනය කරමින් සම මතුපිටට යැවෙන රුධිර ප්‍රමාණය අවම කිරීමට අයිස් වලට හැකියාව තිඛෙනවා. ප්‍රදාහය සහ ඉදිමුම් තත්වයන් සදහා එය ඉතාමත් ප්‍රයෝජනවත්. මෙම අයිස් ප්‍රතිකාරයට ප්‍රතිචාර දක්වන ශරීරය පිළියම් කරන ලද ස්ථානයට උණුසුම් රුධිරය යැවීම වේගයෙන් සිදු කරනවා.
3. ඉදුමුනු ඇස් සදහා නම් ඉතාමත්ම යෝග්‍යයි.
ඉහත සදහන් කල පරිදි ඉදිමුම් තත්වයන් අවම කිරීමට අයිස් වලට හැකියාව තිඛෙනවා. එහෙයින් ඇස් යට ඇති ඉදිමුණු ගතියද මෙම ප්‍රතිකාරය මගින් අවම කරගන්නට පුළුවන්.
4. සම රැළි වැටීම වලක්වාලීම.
සම මත අයිස් තැවරීමෙන් රැළි වැටුණු සම සැහැල්ලු කරගන්නට පුළුවන්. ඒවගේම සම නැවත රැළි වැටීමේ ක්‍රියාවලිය අඩපන කරගන්නටද හැකියාව තිඛෙනවා.
5. කැළැල් ,පලුදු සහ කුරුලෑ පාලනය කිරීම.
මුහුණේ ඇති ඉදිමුම් ගතිය වගේම රතු ගතියද මෙම ප්‍රතිකාරය මගින් පාලනය වෙනවා. එම නිසා කුරුලෑ සදහාද මෙය සාර්ථක ප්‍රතිකාරයක් බව මතක තබා ගන්න.
අලුතෙන් කුරුලෑවක් මතු වන විට මෙම ප්‍රතිකාරය භාවිතා කරන්න. එමගින් ඉදිමුම සහිත දැවිල්ල ඇතිවීම අවම කරගන්නට පුළුවන්. තවද කුරුලෑ වල ප්‍රමාණය අවම කරගැනීමට හැකියාව තිඛෙන අතර ඒ හේතුවෙන් ඇතිවෙන කැලලිද අවම කරගන්නට හැකියාව තිඛෙනවා. ඒ සදහා ඔබ කලයුතු වන්නේ කුරුලෑව ඇති ස්ථානය මත අයිස් කැටයක් තත්පර කිහිපයක් තබා ගෙන සිටීම පමණයි. එම ස්ථානය හිරි වැටෙන තුරුම අයිස් කැටය තබාගෙන ඉන්න. මේ විදියට සෑම රාත්‍රියකම එම ප්‍රතිකාරය සිදු කරන්න.
මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතාමාත්ම පහසුවෙන් කරගන්නට පුළුවන්. උදෑසනින් හෝ සන්ද්‍යා කාලයේදී එය සිදු කරන්න.
1. පළමුව මුහුණ හොදින් පිරිසිදු කරගන්න.
2. සිනිදු රෙදි කැබැල්ලක් යොදාගනිමින් අයිස් කැබලි එකක් හෝ දෙකක් ඔතා ගන්න.
3. අයිස් දියවීමෙන් රෙදි කැබැල්ල තෙත් වන විට මුහුණේ තැවරීම ආරම්භ කරන්න.
4. අයිස් කැබලි සහිත එම පොට්ටනිය මුහුණේ සෑම ස්ථානයකම මද වෙලාවක් තබා ගෙන ඉන්න. මේ විදියට මුළු මුහුණේම අයිස් තවරා ගැනීම සිදු කරන්න.
5. පසුව රවුමට අයිස් පොට්ටනිය මුහුණ පුරා ගෙන යන්න. නිකටේ ප්‍රදේශයෙන් ආරම්භ කොට නළල දක්වාම මෙය සිදු කරන්නේනම් ඉතාමත්ම හොද ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. ඇස් යට ප්‍රදේශය සදහාද විශේෂ අවධානයක් යොමු කිරීමට මතක තබා ගන්න.
6. අවසාන වශයෙන් සිදු කල යුත්තේ මොයිස්චර්රයිසර් ක්‍රීම් විශේෂයක් සමේ ආලේප කරගැනීමයි.