දේශීය පුවත්

කැන්ටීමේ ඇන්ටි එක්ක නටපු නාඩගම් නිසා පාසලක කීර්ති නාමයට හානි කල විදුහල්පතිවරයෙකු ගැන ඇසෙන කතාව මෙන්න…

වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට නොසිතූ ඉරණමක් අත්ව තිබුණා..

ඒ ගම්වාසීන්ගෙන් ලැබුණු දරාගන්න බැරි සැලකීම් එක්කයි.. මේ සිද්ධිය වාර්තා වෙන්නේ වයඹ පළාතෙන්..

විවාහක විදුහල්පතිවරයා තම නිවසේ සිට අනියම් කතගේ නිවසට මල් කලඹක්ද රැගෙන විත් සිටියදී ඔහු මේ අකරතැබ්බට මුහුණ දී තිබුණා… ගම්වාසීන් එක්ව විදුහල්පතිවරයාට පහර දී ඇතැයිද දැන ගන්නට ලැබුණා…

මෙම විදුහල්පතිවරයා හා පාසලේ කැන්ටිම පවත්වාගෙන යන කාන්තාවක අතරේ මෙලෙස කලක සිට අනියම් සම්බන්ධතාවක් පැවත එන බව පාසලේ පමණක් නොව වට පිටාවටද රහසක් නොවේ…

විදුහල්පතිවරයාගේ මෙම නාඩගම නිසා පාසලට කැළලක් වෙයි හිතලා විදුහල්පති ගැන තීරණයක් ගන්න යනවලු‍…
මේ ගැන ඉහළට දැනුම් දීමෙන් පසු, සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නට අදාළ අංශ නැවතත් දැනුවත් කර ඇතැයිද විදුහල්පතිටත් ආරංචි වෙලාලු‍..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!