ක්‍රීඩා පුවත්

සංගා මහේලලා වගේ එක පාර අයින් වෙලා යන්නේ නැතුව ක්‍රිකට් රැකගෙන සමුගන්න සූදානම් වෙන දිමුත් කරුණාරත්න කිව්ව අමුතුම කතාව මෙන්න…

ශ්‍රි ලංකා හිටපු නායක දිමුත් කරුණාරත්න සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ මේ දිනවල ඔහු පෙන්වන දුර්වල ක්‍රීඩා රටාව සහ ශ්‍රි ලංකා ක්‍රිකට් අනාගත සුභසිද්ධිය ගැන සිතා.. ඒ අනුව එළැඹෙන ඕස්ට්‍රේලියාව සමගින් ගාල්ලේ ඇරඹෙන ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න සිය 100 වෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර එම ටෙස්ට් තරගයෙන් පසු ගෞරවාන්විතව ටෙස්ට් දිවිය නිමා කිරීමට ඔහු තීරණය කරා ..

මේ පිලිබද ඔහු අදහස් පලකර තිබුනේ මෙසේයි.

“මට මගේ පෞද්ගලික ජීවිතේ ගැන සැලැස්මක් තියෙනවා…මම ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කලේ ඇන්ජි,චන්දි වැනි අත්දැකීම් බහුල ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් සමඟ කතා කිරීමෙන් පසුවයි…අප තිදෙනාම එකට සමුගන්නවාට වඩා එක එකා වෙන් වෙන්ව තනි තනියෙන් සමුගන්න එක කණ්ඩායමට හොඳයි…ඉතින් මම හිතුවා මුලින්ම සමුගන්න ක්‍රීඩකයා මම වීමට,මොකද මම දන්නවා අපට ටෙස්ට් මැච් අඩුවෙන් ලැබෙන නිසා මට මගේ ඊලඟ ටාගට් එක වන ලකුණු 10000 කඩ ඉමට යාමට නොහැකි බව…මෙතුවක් කල් මා ලබාගත් සම්මාන ගැන මම සතුටු වෙනවා…මට මගේ සමුගැනීම සතුටින් ලබා ගැනීමට අවශ්‍යයි ඒ නිසයි මා එයට මගේ සියවන ටෙස්ට් තරඟය තෝරාගත්තෙ…”

Rishie Bro

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!