දේශීය පුවත්

හෙළ කුල සිරිතට පෙම්බැඳි හංගේරියානු පෙම් යුවළ….

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය සංචාරක පුරවරයේ විදේශීය පෙම්වතකු සහ පෙම්වතියක හෙළ කුල සිරිතට විරිතට අනුව, අතිනත ගැනීමේ දුර්ලභ අවස්ථාවක් කල්පිටිය කුඩාව වෙරළ තීරයේ දී දැක ගත හැකි විය.

හංගේරියානු යුවළක් වූ ජෝනස් කොවැස් මහතා සහ ඔහුගේ පෙම්වතිය වූ සිල්වි ටොත්,මෙසේ අතිනත ගත්හ.

ඔවුන් කල්පිටිය කුඩාව සර්ෆ්පොයින්ට් ශ්‍රී ලංකා කයිට් විලේජ් හී නවාතැන් ගෙන සිටින අතර,ඔවුන්ගේ දේශීය සම්බන්ධිකාරක හා මාර්ග උපදේශක වූ දමිත් විරාජ් මහතා පැවසුවේ ඔවුන් ශ්‍රී ලංකාවේ සොබා සොඳුරු බවට, ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මෙරටේ සංස්කෘතියට බෙහෙවින් ඇලුම් කරණ බව ය.

එහෙයින් දේශීය සිරිතට මුල් තැන දෙමින් මෙම උළෙල චාම්ව එහෙත් අභිමානවත්ව තමා ඇතුලු හෝටල් කාර්‍ය මණ්ඩලය මෙම අවස්ථාව සංවිධානය කළ බවය.

දේශීය වෙස් නැටුම් කණ්ඩායමක් විසින් නව යුවල පෙරටු කොට ගෙන කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ඉදිවූ ගොක් කොළ පෝරුව වෙත යුවල කැදවා ගෙන එන ලදී.

පෝරුවෙන් බසින නව යුවල ආශිර්වාද ගන්වමින්,කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල් දැරියන් ජය මංගල ගී ගයනා කළහ.

විවිධ ආගමික, ජාතික හා සංකෘතික සංකලනයකින් යුතු කල්පිටිය අර්ධ දීපයේ මෙවැනි අවස්ථාවක් දැකිය හැකිවීම භාග්‍යක් බැව,මෙම අවස්ථාව නැරඹීමට පැමිණ සිටි දේශීය විදේශීය සංචාරකයන්ගේ මතය විය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!