” ඒ වේදිකාවේ ශ්‍රී ලංකා නාමය කියවෙද්දි දැනුණ හැඟීම විස්තර කරන්න බෑ…” – Mrs Legend Universal Global Champion කිරුළ ලංකාවට හිමිකර දුන් සංජීවනී ඇඹුල්දෙණිය

” ඒ වේදිකාවේ ශ්‍රී ලංකා නාමය කියවෙද්දි දැනුණ හැඟීම විස්තර කරන්න බෑ…” – Mrs Legend Universal Global Champion කිරුළ ලංකාවට හිමිකර දුන් සංජීවනී ඇඹුල්දෙණිය

පසුගිය දෙසැම්බර් 01 වැනිදා මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවැති Miss & Mrs Legend Universal Beauty Pageant- 2024 හි Mrs Legend Universal Global Champion කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සංජීවනී ඇඹුල්දෙණිය සමත් වූවාය. රටවල් 56 තරගකාරිනියන් අබිබවමින් ජයග්‍රහණය ලද සංජීවනී මෙවන් තරගයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමුතරගකාරිනිය වන්නීය.

සහභාගී වූ පළමු අවස්ථාවේදීම ජයග්‍රහණය හිමිවීම මෙහි තවත් විශේෂත්වයකි. පසුගිය වසරේ තායිලන්තයේ බැංකොක්හි පැවැති Mrs Asia International හි Mrs Elegance කිරුළ හිමිකර ගත්තේද ඇයයි.

පසුගිය වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති Queen of the world -2023 තරගයට සහභාගි වෙමින් පළමු බියුටි පැජන්ට්අත්දැකීම ලද සංජීවනී සඳහා යොමුවන්නේ නදීකා සෙනෙවිරත්නගේ මඟ පෙන්වීමෙනි. අනතුරුව රුක්මාල් සේනානායක යටතේපුහුණුව ලබමින් ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණය ලද අවස්ථා කිහිපයකි.

ශ්‍රී ලංකාවට ආවේණික වුණු භේරුණ්ඩ පක්ෂියා යොදා ගනිමින් ආකාශ් පරණවිතාන විසින් මෙවර නිර්මාණය කළ සංජීවනීගේ ජාතිකඇඳුම සියල්ලන්ගේම අවධානයට ලක්වීම විශේෂත්වයකි. භේරුණ්ඩ පක්ෂියා හා බැඳි ශ්‍රී ලංකා ඉතිහාසය පසුබිම් තිරය මතට ගෙන ගියඇය එමඟින් ඔවුන්ට ලංකාව පිළිබඳ යම් අවබෝධයක් ලබාදීමට උත්සාහ කළාය. භේරුණ්ඩ පක්ෂියා හා බැඳි ලංකා ඉතිහාස කතාවපසුබිමෙන් ඇසෙද්දී භේරුණ්ඩ පක්ෂියා පසෙකින් දිස්වීම වේදිකාව මත පියවර තබන ඇගේ රුව සියල්ලන්ගේම අවධානයට ලක්වීමටහේතුවක් වූ බව පැහැදිලිය. එය සංජීවනීට Mrs Legend Universal Global Champion කිරුළ ජයග්‍රහණය කිරීමට රුකුලක් වූබවද නිසැකය.

මේ වගේ ජාත්‍යන්තර පැජන්ට් එකකදි සංජීවනී ඇඹුල්දෙණිය විදිහට නෙවෙයි මම යන්නේ මගේ රට නියෝජනය කරන්න. අපේ ප්‍රෞඪඉතිහාසය ගැන ඔවුන්ට පැහැදිලි කරන්න මට ඕන වුණා. මං ගැන ලොකු අධ්‍යයනයක් කරලයි තරගයට සහභාගි වුණේ. ගොඩක්වෙහෙසවෙලා මං අතීත තොරතුරු සොයාගත්තා.

ස්ටේජ් එකේ නැෂනල් කොස්ටියුම් එකෙන් මං ඇවිදගෙන යද්දි වගේ නිර්මාණයක් ඇඳුමට එක්කිරීමේ වැදගත්කම, එමඟින් නියෝජනයවෙන්නේ මොකක්ද? එමඟින් කියවෙන ලංකා ඉතිහාසය වගේම භේරුණ්ඩ පක්ෂියාවත් වේදිකා පසුතලයේ දිස්වීමට සැලැස්සුවා. ඒකදකින ඕනෙම කෙනෙකුට ක්ෂණිකව ලංකාව ගැන යම්කිසි අවබෝධයක්, දැනුමක් ලබාගන්න පුළුවන්. ජයග්‍රාහකයා විදිහට ශ්‍රී ලංකානාමය කියවෙද්දි දැනුණ හැඟීම නම් විස්තර කරන්න බෑ. තරගයකට සහභාගි වුණු පළමු විනාඩියේ ඉඳන්ම ඔවුන් අපිව ජජ් කරල තිබුණා. අපේ හැසිරීම, කතාබහ කරන විදිහ, අනෙක් රටවල සාමාජිකාවන් සමඟ ගනුදෙනු කරන විදිහ විශේෂයෙන්ම ඉවසීම පිළිබඳව අපිටත්නොදැනීම අපිව විනිශ්චයට ලක්වෙනවා. ඇත්තටම ෆයිනල් ස්ටේජ් එකේ ඉඳන් ක්‍රවුන් එක දානකන් විතරක් නෙවෙයි අපිව ජජ් කරන්නේ. “

මහනුවර, අලුත්නුවර ග්‍රාමයේ උපන් සංජීවනී තම මව, පියා සහ එකම සොහොයුරාගෙන් ලැබෙන සහයෝගය මෙවන් ගමනකට ඇයටමහමෙරකි.

හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද සංජීවනී කොට්ටාව ආනන්ද බාලිකාවට ඇතුළත් වී තිබුණේ වැඩිදුරඅධ්‍යාපනය සඳහාය. වේශ නිරූපණ වෘත්තියට අමතරව කාය වර්ධන උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඇය හසිනි ගුණසේකර යටතේරූපලාවණ්‍යය ඩිප්ලෝමාව හදාරා තිබීම මේ ගමනට අත්වැලක් වී තිබිණි.

පිය උරුමයෙන් ලද හැකියාව ඔපමට්ටම් කරගනිමින් වේශ නිරූපණය සහ කේශාලංකරණ තම වෘත්තීය කරගත් සංජීවනී රූපවාහිනිවෙළෙඳ දැන්වීම් රාශියකට වේශ නිරූපණයෙන් දායකත්වය සපයා ඇත. දේශීය සිනමාවටත් වඩා දකුණු ඉන්දියානූ සිනමාවට ඇගෙන්ලබාගත් දායකත්වය වැඩිය. ඔස්සේ දකුණු ඉන්දීය සිනමාපට කිහිපයකට රංගනයෙන් දායක වීමේ අවස්ථාව ඇයට හිමිවී තිබිණි. සිංහල සිනමාවට ආරාධනයක් ලැබුණහොත් ගැන සලකා බැලීමට ඇය කැමැත්තෙන් සිටින්නීය.

2023 මැද භාගයේදී ෂේක්ස්පියර් ෆවුන්ඩේෂන් වෙතින් නිපද‍වෙන ගාමිණී සිල්වාගේටෙම්පස්ට්වේදිකා නාට්‍යය සඳහා රංගනයෙන්දායක වීමට ඇයට ආරාධනා ලැබී ඇති අතර එහි මංගල දර්ශනය ජනවාරි 25 වැනිදා වේදිකාගත වීමට නියමිතය. එමෙන්ම ලබනවසරේ හැම්ලට් වේදිකා නාට්‍ය සිනමාපටයක් ලෙසින් රිදී තිරයට ගෙන එද්දී එහි ප්‍රධාන භූමිකාවකින් දායක වීමේ අවස්ථාව ඇයට හිමිවීතිබේ. අතරේ Mrs Universe – 2025 කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඇගේ ඊළඟ බලාපොරොත්තුවයි.

නාමලී ගමගේ

උපුටාගැනීම – සිළුමිණ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *