Uncategorized

ඔයත් ආහාර වලට ඕට්ස් එකතු කරගන්නවා නම් මෙන්න මේ ලෙඩ ටික නිකන්ම හොඳ වෙයි

ඕට්ස් කෑමට එකතු කරගන්න බොහෝ දෙනෙක් කැමතියි.. ඕට්ස් ආහාරයට එක්කරගන්නා කාට වුණත් මෙන්න මේ වාසි නම් අත්වෙනවා..

මොකද ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂණීය ගුණයෙන් යුතු ආහාරයක්… ලෝකයේ තියෙන ආහාරවලින් පෝෂණ ගුණයෙන් ඉහළින්ම ඉන්නේ ඕට්ස්.. ඒකට හේතුව තමයි ඕට්ස්වල තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම.. ඒ නිසා අපිත් දැනගනිමු ඕට්ස්වල තියෙන ගුණ මොනවද කියලා…

Cholesterol පාලනයට

ලෝකයේ බොහෝ මරණ වලට හේතුව තමයි හෘදයාබාධ කියන්නේ.. එහි අවදානම් සාධකය වන්නේ අධික Cholesterol තත්වය.ඕට්ස් වල ඇති බීටා-ග්ලූකන් තන්තු මඟින් සිරුට්රේ ඇති LDL Cholesterol මට්ටම අඩුකරනවා..

දියවැඩියාවට

Type 2 දියවැඩියාව ඇති අයට ඕට්ස් ඉතාමත් ගුණදායකයි. ඕට්ස්වලට රුධිරගත සීනි මට්ටම අඩු කරමින් ඉන්සියුලින් සංවේදීතාව ඉහළ දැමීමේ හැකියාව තිබෙනවා..

අධික බර අඩු කරනවා

බර කියන්නේ ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නේ.ඉතින් ඒ ප්රශ්නෙටත් උත්තර දෙන්න ඕට්ස් වලට පුළුවන්.සාමන්යයෙන් ඕට්ස් ආහාරයට ගත්තම කුස පිරුණු ගතියක් දැනෙනවා.ඒ නිසා අනවශ්ය විදිහට ආහාර ගැනීමේ අවශ්යතාවයක් දැනෙන්නේ නැහැ.එතකොට ඉතින් බර අඩු වෙනවා නිකන්ම..
ඒ වගේම ඕට්ස් වල තියෙන තන්තුමය ස්වභාවය නිසා පහසුවෙන් දිරවීම සිදුවෙනවා.අන්න ඒ නිසා මළබද්ධය ඇති වෙන්නෙත් නැහැ සහ මළබද්ධය ඇති අයට ගුණදායකයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!