පිළිකාවක්.. ඒ වචනයට පවා අපි බිය වෙනවා නේද? ඉතිං ඔයාට විශ්වාසකරන්න පුළුවන්ද ? අද අපි කියන්න හදන්නේ මේ කාලේ වෙනකොට පිළිකා නාශකයක් ලෙස ලොව මවිත කර ඇති ඒ සුන්දර පළතුර කටු අනෝදා පිළිබඳවයි….
කටු අනෝදා ගෙඩියේ ඇති පිළිකා නාශක හැකියාව ගැන පසුගිය කාලයේ අන්තර්ජාලයේ මෙන්ම පුවත් පත් වලද ආන්දෝලානාත්මක ලෙස ප්‍රචාරය වුනු බව අපි දන්නා කරුණක්. ඉතින් ඒ ගැන ඇත්ත නැත්ත මොකද්ද කියලා බලමු…
”එයාට අපි කටු අනෝදාත් ගෙනිච්චා මහරගමට..කෝ වැඩක් නැහැ..ඕවා හරියන දේවල් නොවේ..”
පිළිකාවක් ශරීරය පුරා පැතිරී, ඒ වෙනුවෙන් බටහිර විකිරණ සහ කිමෝ ප්‍රතිකාර වල අතුරු ආබාධ වලින් මරණ මංචකයේ සිටින කෙනෙකුට ”කටු අනෝදා’’ යුෂ වලින් පන පොවන්නට නොහැක..එය කල හැක්කේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට පමණයි.
නමුත් නිතර ආහාරයට ගැනීමෙන් සිරුරු තුල පිළිකා සෛල වැඩීම වලක්වා අනාගත පරපුර නිරෝගී කිරීමේ හැකියාව කටු අනෝදා තුල ඇත. අවාසනාවට අපේ අය සර්පයා අල්ලාගෙන ඇත්තේ වැරදි පැත්තෙන්…
දියුණු වෙමින් පවතින අපේ රට වැනි වැසි වනාන්තර සහ ජෛව විවිධත්වය සහිත ඝර්ම කලාපිය රටවල ශාක ඇසුරින් රෝග සුව කිරීමේ ඇති හැකියාව ගැන ඉව අල්ලමින් සිටින බටහිර ලෝකය, ඇස ගැටෙන සියලු ශාක පර්යේෂණ වලට ලක් කරමින් ඒවායේ ඇති ඖෂධිය ගුණ සොයා යමින් සිටිනවා…
ඔවුන්ගේ ඉව කටු අනෝදා ශාකය වෙත හැරුනේ කටු අනෝදා නිතර ආහාරයට භාවිතා කරන මෙක්සිකෝවේ ඇතැම් පලාත්වල පිළිකා අඩු බව ඉව වැටීමෙන් පසුයි.
ශාකයේ විවිධ කොටස් නිස්සරණය කිරීමෙන් අධි සංයුතියකින් acetogenins, quinolones යන ස්වභාවික පිළිකා සෛල නාශක, ප්‍රතිඔක්සිකාරක වාගේම alkaloids සොයා ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා.
පිළිකා වැලැක්වීම පමණක් නොව පැතිරී යාමට පෙර මුල් කාලයේ පිළිකා සුව කිරීමේ හැකියාවක්ද කටු අනෝදා වලට ඇති බව තමා ඔවුන් පවසන්නේ.
මේ ගැන සොයා යාමේදී හමුවූ ඇතැම් තොරතුරු වලට අනුව මැක්සිකොවේ පිළිකා රෝගය සඳහා කටු අනෝදා ආශ්‍රිතව නිපදවා ඇති එක්තරා ඖෂධයක් ඖෂධ මාෆියාව නිසා වෙළඳ පොලට එක් කිරීමට බලධාරීන් අසමත් වී තිබෙනවා.
පිළිකා මර්ධනයට අමතරව කටු අනෝදා වල ඇති වෙනත් සෞඛ්‍යමය ප්රතිලාභ ලියා නිම කිරීමට බැරි තරම්ය වෙනවා… විටමින් සි අධික කටු අනෝදා සිරුර ධුලකහරනයටත්, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් සමත්. ලවන අධික නිසා පාචනය, වමනය වැනි දියර පිටවන අවස්තාවලදී ලවන සමතුලිත තාවය පවත්වා ගැනීමට (Electrolyte Balance)උදව් වන කටු අනෝදා හදවත් රෝග සහ වෙනත් හේතුන් මත ඇතිවන ඉදිමුම් වලදී ශරීරයෙන් දියර පිටකර (Diuretic) ඊට ප්‍රති විරුද්ධව ක්‍රියා කරනවා…
ආහාර මාර්ගයේ රෝග වලට ඉතා ගුණැති කටු අනෝදා බොහෝ අය පිඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝගයටද කදිම විසඳුමක්…
මල බද්ධය වළක්වාලීමටත් අන්තර පිරිසිඳු කර ආහාර මාර්ගය පිරිසිඳු කිරීම නිසා වෙනත් ආකාරයකින් අන්තර පිළිකා වලක්විමටද දායක වෙයි.
වේදනා නාශක ගුණ සහිත කටු අනෝදා පාප්පයක් සාදා තුවාල, වේදනා දෙන අස්ථි සන්ධි වල ආලේපයෙන් වේදනාවන් සමනය කර ගත හැකියි.
ප්‍රති ආසාධන සහ ප්‍රති ජිවකමය ගුණ බහුල කම නිසා නිතර ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා, වෛරස මෙන්ම දිලිර ආසාදන වලින් ද වැළකීමට පුළුවන්. වකුගඩු සහ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමට සමත් අපේ දේශීය ආහාර විසල් ගොන්න අතරට එක්වන තවත් සුපිරි යෝධයෙක් ලෙසත් කටු අනෝදා හඳුන්වන්නට පුළුවන්.
හේනේ කුඹුරේ තද හිරු රැසේ වැඩ කල අත්ත මුත්තලා අතර මෙවන් ආබාධ සොයා ගැනීමට නැති තරම් දුලබ වුයේ ගෙවතු වල යහමින් පැවති නිතර අතුරුපසට එක්වුණු කටු අනෝදා වලට පින්සිදු වන්නට නොවෙන්නට යයි කිව හැක්කේ කාටද?
කටු අනෝදා වල ආහාරයට ගන්නා පළතුරට වඩා ගුණ ඇති බව පැවසෙන්නේ ශාක පත්‍ර, කඳේ පොතු සහ ඇට වලයි. ඇතැම් පර්යේෂණ වාර්තා වලට අනුව දැනට භාවිතා කරන කිමෝ තෙරපි වලට වඩා සිය ගුණයක පමණ පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පත්‍ර වල තිබෙනවා.
කටු අනෝදා කොළ 10ක් පමණ වතුර දමා හිදෙන්න තම්බා ගන්නා තේ කෝප්පයක ප්‍රමාණයේ සාරය මසකට දෙතුන් වතාවක් පානය කිරීමෙන් පිළිකා ඇතුළු බොහෝ රෝග වලින් වැළකී සිටිය හැකි බව කියවෙනවා.
වේදනාකාරී ගවුට් (Gout ) රෝගය උග්‍ර වන අවස්ථා වලදී මෙන්ම Rheumatoid Arthritis රෝගයට ඉහත සඳහන් ප්‍රතිකාරය දවසට දෙපාරක් දින කීපයක් භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පුළුවන්. වේදනා නාශක ගුණ කොළයේ බහුලව ඇති නිසා සන්ධි ප්‍රදාහ සහ නිදන්ගත කොන්දේ වේදනා වලටද මේ ප්‍රතිකාරය භාවිතා කරන්නට පුළුවන්.
කටු අනෝදා කොළ සිහින්ව ඇල්දියෙන් අඹරා එක්සිමා (ECZEMA ) වැනි ආසාත්මික හේතුන් මත ඇතිවන සමේ රෝග මත ආලේප කිරීමෙන් කැසීම වළක්වා ගැනීම මෙන්ම ආසාත්මිකතාවය අඩු කර ගැනීමටත් හැකි බව පැවසෙනවා.මිට අමතරව කටු අනෝදා කොළ සාරයේ රුධිරගත සීනි අඩු කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හදවත් රෝග වළක්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.
හිසකෙස් වලට ගුණැති කටු අනෝදා කොළ ඇල් දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් උකුණන් සහ හිස්හොරි වඳ කර , අකලට හිසකෙස් ගැලවීම වලක්වා නිරෝගිමත් කෙස් කළඹක් පවත්වා ගන්නටත් පුළුවන්.
අපට වටින්නේ නැතිවාට කටු අනෝදා වල අගය බටහිර ජාතිකයින් නම් හොඳින් වටහාගෙන තිබේ. තමන්ගේ වටපිටාවෙන් සොයා ගත නොහැකි මේ ඖෂධය වියලු පත්‍ර , වියළා කුඩු කරන ලද පත්‍ර, පෙති, කරල් වශයෙන් හෝ මදය පාප්පයක් ලෙස සකසා (Frozen Pulp)අධි ශීතකරණ තුල තබා ගෙන පරිහරණයට ගැනීමට අද වෙන විට ඔවුන් පෙළඹිලා.
මේ සා ගුණ ඇති කටු අනෝදා අද වන විට අපේ ගෙවතු වලින් අතුරුදහන්වීම කණගාටුවට කරුණක් .
පළතුරක් වශයෙන් පමණක් නොව පවස නිවන බීමක් හෝ වෙනත් රසවත් අතුරුපස සඳහා යොදා ගනිමින් ඕනෑම වයසක කෙනෙකුගේ ආහාරයට කටු අනෝදා පහසුවෙන් එකතු කල හැකියි.
එතරම් ඉඩක් නොයන මේ පළතුරු ගස, මතු පරපුරේ ඉරණම වෙනස් කල හැකි විශ්ම කර්ම ඖෂධයක්…
කටු අනෝදා රැක ගැනීමේ සටනට එක්වන්න..ඔබත් අදම ගෙවත්තේ කටු අනෝදා පැලයක් සිටුවන්න..
අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි.