දේශීය පුවත්

මෙහෙම විපතක් නම් කාටවත් වෙන්න එපා.. පෙම් කතාවක ලියවුනු දුක්බර අවසානයක් ගැන රත්නපුරෙන් වාර්තා වෙන්නේ මෙහෙමයි..

මෙහෙම විපතක් ඒ ලස්සන ජිවිතේට වේවී කියලා කවුරුවත්ම හිතන්න නැතුව ඇති… ආදරේ කරපු හිතකින් මේවගේ දෙයක් කළේ කොහොමද දෙවියනේ… මේ කියන්න හදන්නේ ඒ දුක්බර කතාව ගැන ඇසෙන ආරංචියයි…

පෙම්වතිගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද වස පානය කළ පුවතක් රත්නපුර ඇලපාත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයක් තුළ අධ්‍යාපනය ලබා ඇති අතර ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයක් දුරදිග යෑමෙන් ඇති වූ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වන තරුණියක්.

අදාළ තරුණයා තරුණියගේ නිවසට හොර රහසේම ඇතුළු වී පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා එම තරුණයා ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය එහි මේසයක් මත තබා නිවසෙන් පලා ගොස් තිබෙනවා.

මෙසේ පලා යන අතරතුර ඔහු ගමේ කුඹුරකට ඇද වැටී ඇති අතර ගම්වාසින් එක්ව ඔහුව රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!