Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

උපතින්ම තරුවක් වුණු රාහා සහ පැපරාසියෝ

කැමරා මානාගෙන, රාහා.. රාහා.. කියල කෑගහන පැපරාසි මාමලාට රාහා කපූර්ගේ තියෙන්නේ පුදුම ආදරයක්.

එයාලගෙන් එයාට තියෙන කරදරය තේරුම් ගන්න බැරි තරම් පුංචි වයසක ඉන්න රාහා එයාගේ නම කිය කිය හයියෙන් කෑගහන මාමලාවකොයිම මොහොතකවත් මඟ හරින්නෙ නැහැ.

ලස්සන කිරි දත් පෙන්නලා හායි කියන ඇය එයාලට ෆ්ලයින් කිස් යවන්නෙත් කවුරුවත් කියලා දීලා නෙවෙයි. ඒක එයාට තවත් එක අලුත්සෙල්ලමක් වගේ දෙයක්.

මේ නිසාම පැපරාසි මාධ්‍ය රාහාට වහ වැටිලා පස්සෙන් පන්නන එක දැන් වැඩිවෙලා.

ඊයේ පෙරේදා රන්බීර් කපූර්, ආලියා බාත් ඇතුළු පවුලේ අය ඔවුන්ගේ අලුත් අවුරුදු සංචාරය සඳහා පිටත්ව යන අවස්ථාවේ රාහා මාධ්‍යටප්‍රතිචාර දක්වලා තිබුණෙත් විදියට. මුලින් ෆ්ලෑෂ් එළිවලට බයේ එයා අම්මගෙ උරහිසේ මූණ හංගගන්න හැටිත් ටික වෙලාවකින් මේපැපරාසි අන්කල්ලානේකියල මතක් වෙලා ෆ්ලයින් කිස් එවන හැටිත් මාධ්‍යවල දකින්න ලැබුණා.

ඔවුන්ගේ නත්තල් මංගල්ලය අවස්ථාවේත් රාහා මේ විදියටම මාධ්‍යවලට ප්‍රතිචාර දක්වල තිබුණා.

රාහාගේ අම්මා නම් පැපරාසියෝ රාහා පස්සෙ පන්නනවට එච්චර කැමති නැහැ. ඉතින් ආලියා ආචාර ශීලිවිදියට සමහර වෙලාවටමාධ්‍යවලින් ඉල්ලන්නෙ හයියෙන් කෑගහන්න එපා එයා බය වෙයි කියලා. ඒත් රාහාට නම් ඒව ගාණක් නැහැ. ගහේ කටු උල්කරන්න ඕනනැහැ එයා උපතින්ම තරුවක්නෙ.

Lakvahini

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!