තරු ගොසිප්

මම කැමැත්ත දුන්නෙ නැති නිසා එයා අපේ ගෙදරට යෝජනාවක් ගෙනාවා..” ඇගේ ආදරය පතා ආ ගිෂාන් ගැන හේෂානි කියූ ඒ ආදරණීය කතාව මෙන්න

 

අපි හැමෝගෙන ජීවිත ආදරණීය බවින් පුරවන්න තව කෙනෙක්ට පුළුවන් නම්, මේ කියන්නේ ඇගේ ජීවිතය ආදරණීය බවින් පිරවූ ඔහු ගැන ඇසෙන කතාවක්..

හේෂානි ලියදපිට.. ගොඩක් දෙනෙක් පසුගිය දවසක හේෂානි ගැන කතා කළේ, ඇගේ විවාහයත් එක්කයි.. විවාහයක් කියන්නේ තරුණියකට සිහිනයක්.. ඇය ඒ සිහිනය සැබෑවක් කරගත්තා..

කොහොම වුණත් ඇය කරකාර බැඳපු සැමියා අමෙරිකාවේ පදිංචි අයෙක්.. ඉතින් ඇගේ ආදරණීය සැමියා ගැන කියන ගමන්ම ඇගේ කලාවේ ඉදිරිය ගැන හේෂානි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. හේෂානි- ගිෂාන් ආදර කතාවට මුල පිරුණු ඒ සුන්දර අතීතය ගැන සිහිපත් ක‍රමින් ඇය මේ කතාවට මුල පිරිවේ මෙන්න මෙහෙමයි..

“එයාගෙ නම ගිෂාන් ශාලිත දිසානායක බෝගොඩ. එයා මාව දැකලා මුලින්ම කැමති වෙලා තිබුණා. එයා මට කැමැති බව කියලා මුලින්ම මට යෝජනාව ගෙනාවා. ඒත් මං හරි උත්තරයක් දුන්නෙ නෑ. මගෙන් ස්ථිර වචනයක් නොලැබුණු නිසා එයා එයාගෙ කැමැත්ත යෝජනාවක් විදිහට අපේ ගෙදරට ගෙනාවා. ගෙදරින් විරුද්ධත්වයක් ආවෙ නැහැ. ඊට පස්සේ ටික කාලයක් අපි කතාබහ කරලා, ඇසුරු කරලා, තේරුම් ගත්තටත් පස්සෙ තමයි ආදර සම්බන්ධයක් පටන් ගත්තේ. එයා කළමනාකාර උපදේශකවරයෙක් විදිහට අමෙරිකාවේ සේවය කරන කෙනෙක්. මං කලාකාරිනියක් බව දැනගෙනමයි එයා මට කැමති වෙලා තිබුණේ. මගේ කලා කටයුතුවලට ලොකු සහායක් දෙනවා. මගේ අම්මා අප්පච්චි වගේම එයත් මගේ හොඳම ‍ප්‍රේක්ෂකයෙක්. එයා මගේ නිර්මාණ දකින්න හරිම ආසයි. නිතරම මාව උනන්දු කරවනවා. ලෝකෙ කිසිම දෙන්නෙක් සියයට සීයක් ගැළපෙන්නෙ නැහැ. ඒකයි ඇත්ත. ඒ නිසා අපිත් ජිවිත කාලය පුරාම සිතුම් පැතුම් ගළපගෙන ජීවත් වේවි.“

විවාහයෙන් පසුව ගිෂාන් සමඟ අමෙරිකාවේ පදිංචියට ගිය හේෂානි නිර්මාණයකට සහභාගි වීම සඳහා ඉදිරියේදී ලංකාවට පැමිණෙනවාද නැද්ද ඒ ගැන ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“ගිෂාන් එක්ක මං අමෙරිකාවේ පදිංචියට ආවා. සැරින් සැරේ ලංකාවට එනවා යනවා. රටවල් දෙකේම ජීවත් වෙනවා. නිර්මාණවලට සම්බන්ධ වෙන්න කොහොමත් මං එනවා. දැනටමත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ජූලි මාසේ මගේ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් මං ලංකාවට එනවා. ඒ වගේම මගේ සුපුරුදු වැඩ කටයුතු වෙනසක් නැතුව දිගටම කරගෙන යනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!