දේශීය පුවත්

කොත්මලේ නාය ගිය තැන ශරීර කොටස් හමුවේ…

දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ රම්බොඩගම නායගිය ස්ථානයේ තිබී කාන්තාවකගේ බවට සැක කෙරෙන පාදයක් තිබි (17) දින හමු වු බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.

කොත්මලේ රම්බොඩගම නායගිය ස්ථානයේ මිනිස් පාදයක් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පාදය ගොඩගත් බවත්, එම පාදය DNA  පරික්ෂණයක් සදහා යොමු කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ නැයයෑමෙන් 27 දෙනෙකුගේ සිරුර සොයා ගෙන ඇති අතර, තවත් 21 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, නායයෑම සිදු වන අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් සහ ලොරි රථයක් තවමත් සොයා ගැනිමට නොහැකි වූ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!