දේශීය පුවත්

රටට ම විලිලැජ්ජයි ! ඇමැතිලා රටවල් දෙකකින් කප්පම් ඉල්ලලා, ආයෝජකයන් රටිනුත් ගිහින් !

පසුගිය ආණ්ඩු සමයේ මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගෙන් හිටපු ඇමතිවරුන් කප්පම් මුදල් ඉල්ලා සිටීම නිසා ඔවුන් මෙරට ආයෝජන අත්හැර දමා එම ආයෝජන ඉන්දියාවට සහ වියට්නාමයට ගෙන ගිය බවට මෙරට සිටින දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇත.

පසුගිය දිනක විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටිවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ඉන්ධන නළ මාර්ගයක් මගින් ගෙන යාම සඳහා කැඳවන ලද විවෘත ටෙන්ඩරය තම රටේ ආයෝජකයෙකු විසින් දිනා ගත් නමුත් නොදන්නා හේතුවක් මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබා නොදුන් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!