ඇමෙරිකාව සමග බදු අඩු කරගැනීමේ සාකච්ඡා සාර්ථකයි – ජනාදිපති

ඇමෙරිකාව සමග බදු අඩු කරගැනීමේ සාකච්ඡා සාර්ථකයි – ජනාදිපති

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුර ජන රැළියකදී අද (23)පැවසීය.

අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් ලංකාව සහ ඇමරිකාව එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අදාල බද්ද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ වන විට ඇමරිකාවට ගොස් සිටින බව කී ජනාධිපතිවරයා ඒ සාකච්ඡා හොඳින් සිදු කෙරී තිබෙන බව සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *