

ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා එම රැලිය සංවිධානය කරන බවත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් අති විශාල ජනකායක් ඊට සහාය පළකරමින් නුගේගොඩට රැස්වන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එම ජනරැලියට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ක්‍රියාකාරියන් සහභාගිවන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නුගේගොඩ ජනරැළියට එක්වන බවට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ පවසති.
නුගේගොඩ නගරයේදී අද දින පැවැත්වෙන විපක්ෂයේ ජන රැලිය සඳහා විවිධ ප්‍රදේශවල සිට බස් රථ 350කට අධික සංඛ්‍යාවකින් ජනතාව පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව සහ මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා රජයට බල කිරීමේ අරමුණින් මෙම ජන හමුව පැවැත්වෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
මෙම රැස්වීම සඳහා විශාල ජනතා උනන්දුවක් ඇති බැවින් ඊට සහභාගි වීමට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරනබව ද ඔහු සඳහන් කළේය.
ගාල්ල මාතර හම්බන්තොට කළුතර දිස්ත්‍රික්ක වලින්ද සෑහෙන පමණ බස්රථ පිටත් වීමට නියමිත බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අධිවේගී මාර්ගයේ එම බස් රථ පැමිණෙන බැවින් ඒවා දහවල් එකොලහෙන් පසුව ඒවා පිටත් වන බවද හෙතෙම සඳහන් කළේය
නුගේගොඩ රැළිය සඳහා ජනතාව බස් රථ වලින් පැමිණෙන ආකාරය දැක්වෙන ඡයාරූප රාශියක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත්කර ඇති අතර ඉන් කිහිපයක් මතු පළවේ.








