Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සැකකරු අත් අඩංගුවට ගත්තත් වෛද්‍යවරුන් දිගටම වැඩ වර්ජනයේ…

වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ලේකම් සුගත් සුගතදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “අපි සංකේත වැඩවර්ජනයක් කරන්නේ අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා. ඒ වැඩවර්ජනය හෙට උදෑසන අවසන් කරනවා. අපි බලාපොරොත්තු වුණ බලපෑම කරන්න මේ අපරාධ මෙයින් ඉස්සරහට මෙවැනි දේවල් සිදුවිය නොහැකි බවට දැඩි ස්ථාවරයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නවා. අපි දැඩි ලෙස මේක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස හෙළාදකිනවා.” ලෙසය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!