මොනවා.. මේ වාව් මැඩම් නේද ? රටක්ම ආදරේ දිනාගත් නිලූෂි පවන්‍යා හොයන ආදරවන්තයා කවුරුන් වේවිද ?

මොනවා.. මේ වාව් මැඩම් නේද ? රටක්ම ආදරේ දිනාගත් නිලූෂි පවන්‍යා හොයන ආදරවන්තයා කවුරුන් වේවිද ?

ඇය…නිලූෂි පවන්‍යා… නිරූපණය සහ රංගනය තුළින් කාගෙත් ආදරය දිනූ ඇය හරිම ආකර්ෂණීය චරිතයක් වෙනවා. ඒ වගේම එක පාරක් දැක්කොත් ආපහු හැරිලා බලන්න හිතෙන තරම් සුන්දර තාරකාවක් තමයි නිලූෂි කියන්නෙ. ග්‍රීක දෙව්දුවක් වගේ හරිම සුන්දර රූපයක් ඇයට ලැබිලා තියෙන්නේ වාසනාවට…

ඉතිං අද අපේ කතාබහට එකතුවෙන්නේ ඇයයි…

හරි එහෙමනම් අපි කතා බහ පටන් ගම්මුකෝ…

ආයුබෝවන්! ඉතින් මොනවද අලුත් තොරතුරු?

මම international fashion ranway එකක් කළා කළා ඩුබායිවල…ඒකට සතියක් වගේ ඉඳලා මම ලංකාවට ආවේ මීට දවස් කීපයකට කලින්…ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක් ඉතින් ඒකේ ගොඩක් හිටියේ world famous මොඩ්ලස්ලා.. ඒවගේම ඩිසයිනස්ලා… ඒකෙදි අපේ ලංකාවේ ට්‍රැඩිෂන් එකත් එක්ක මම international ෆ්ලැට්ෆෝම් එකක රෑම්ප් කරා… මේ අවුරුද්ද මට ගොඩාක්සතුටුයි. මොකද මම හුඟාක් හීන දැක්කා… international fashion show එකක රෑම්ප් කරන්න… මොකද ඒක ලැබෙන්නේ හුඟක් ප්‍රසිද්ධ සෙලිබ්‍රිටි කෙනෙක්ට නැත්නම් world famous iconic කෙනෙක්ට… ඇත්තටම ඒකෙන් ඒකෙන් මට ලංකාව නියෝජනය කරන්න ලැබුණු එක පුදුම තරම් සතුටක්… ඒක තමයි මම ලබපු ලොකුම ඇචියුමන්ට් එක… ඒකට මාත් එක්ක ලංකාවෙ ඩිසයිනර්ස්ලා මේකත් පාටිස්ලා හිටියා. ලක්ෂිත, ප්‍රනීත්, කනිෂ්ක අරෝෂ්.. ඉතින් හරිම ලස්සනට ඒක කරන්න අපට අවස්ථාව ලැබුණා.. ගෞතම බුද්ධ මාතා ෆිල්ම් එක රිලීස් වුණා..

ඔයාගේ රංගන ජීවිතේ පටන් ගත්තු තැන මතකයන් අතර තියෙනවද ?

නිරූපණ ක්ෂේත්‍රයෙන් තමයි මගේ ආරම්භය..මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ 2015දී…හැබැයි මම school යන කාලෙදි විවිධ නාලිකාවල අවුරුදු කුමාරි තරග දිනලා..තියෙනවා…මම විවිධ මෝස්තර නිරූපණ තරග වලට ගිහිල්ල තියෙනවා ඒවා ජයග්‍රහණය කරලා තියෙනවා…එතන තමයි මගේ ආරම්භය..හැබැයි මගේ ජීවිතේ කලා ක්ෂේත්‍රයට මම පය තියන්නේ 2018 දී..ඒ ඉලන්දාරියෝ කියන ටෙලිඩ්‍රාමා එකෙන්… හැබැයි ඉස්සෙල්ලම විකාශනය වෙන්නේ මම රඟපාපු දෙවැනි ඩ්‍රාමා එක.. ඒ හිරු නලිකාවේ.. හුස්මක් තරමට කියන..නාට්‍යය..මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕන…පළවෙනි ස්ක්‍රීන් ටෙස්ට් එකට යන්න කියලා මුලින්ම මට අඩිතාලම දාලා දුන්නේ සනෝජ බිබිලේ මහත්මිය..ඒ වගේම ප්‍රින්සි ෆර්නෑන්ඩෝඑයාලා මට ලොකු සපෝට් එකක් දෙනවා..ඒ වෙලාවෙදි…. ඒක මට හැමදාම මතකයි…

ඔයාට රඟපාන්න තවම නොලැබුණු ඒත් ඔයා රඟපාන ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද ?

ඔව් මට එහෙම තියෙනවා තියෙනවා තියෙනවා. මාව හුගක් අය ගන්නේ වෙස්ටන් චරිතවලට…ඒත් මම ආසයි ගැමි චරිතයක් කරන්න චීත්ත ගවුමක් ඇඳලා කොණ්ඩේ ගොතලා මගේ තියෙන පාට වෙනස් කරලා …ගැමි පරිසරයක චරිතයක් කරන්න මම හීන දකිනවා.. ඇත්තටම මම දුක් වෙනවනම් මට නොලැබුණු චරිතයක් කියලා ඒ ගැනැන තමයි….

ඔයා හරිම ලස්සනයි. ඒ ලස්සන වෙනුවෙන් ඔයා පුරුද්දක් හැටියට කරන දේවල් තියෙනවද ?

ලස්සන වෙන්න අමුතු දේවල් කරන්නේ නැහැ workout කරනවා නෝමල් නිදාගන්නකොට භාවනා කරනවා….ගොඩක් වැඩ තිබුණොත් ඒක මග ඇරෙනවා..ඒ වගේම මම මේ universe එක නේච එක මාරම විදිහට බිලීව් කරනවා…මම නිතරම මයින් රිලැක්ස් වෙන දේවල් අහනවා…සොබාදහමත් එක්ක හරිම ඇටෑච්…මොකද මම universe එක විශ්වාස කරන නිසා… ඒ වගේම මම ස්කින් ක්ලිනික් එහෙකට යනවා යනවා. මේන්ටේන් කරන්න ඕනි නිසා…මොකද හැම වෙලේම මම මේකක් දාන නිසා මගේ ස්කින් එක පරිස්සම් කරගන්න… ඇත්තටම මට ක්‍රීම් එහෙම ගාන්න බැහැ. ඒවා මට ඇලජි….ඒ නිසා මම දුක්වෙලත් තියෙනවා.. අනිත් හැමෝම යූස් කරනවා ඇයි මට බැරි කියලා මම හිතලා තියෙනවා… ඒ නිසාම තමයි මම ස්කින් ක්ලිනික් එකකට යන්නේ… ඒ වගේම මම අයිස් කියූබ් ට්‍රීට්මන්ට් එකක් කරනවා..තව මට පුළුවන් වෙලාවට ඇලොජෙල් යූස් කරනවා… කස්තුරි කහ ගානවා… ඔය වගේ පුංචි පුංචි දේවල් තමයි කරන්නේ..

ඔයාගේ ජීවිතයේ වැඩිපුරම වටින තුන්දෙනෙක් කියන්න කියලා කවුරුහරි කිව්වොත් ඔයා නම් කරන්නේ කාවද?

මට මාව තමයි වටින්නේ පළවෙනියටම ඊට පස්සේ මගේ අම්මා ඒ වගේම මගේ තාත්තා

තාත්තගෙ ආදරේ ඔයාට දැනෙන්නේ කොහොමද?

තාත්තට මං ගොඩක් ආදරෙයි. එයාට මොනවා හරි කරදරයක් කියලා දෙනෙද්දී ඒක මට දරාගන්න බැරි වෙනවා… හැබැයි මගේ ජීවිතේ මං ගොඩක්ම ආදරේ කරන්නේ අම්මට.. මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන කෙනා මගේ අම්මා…මොකද එයා ගොඩක් දුක් වින්දා…

ඔයා හිතන ඔයාගේ ජීවිතයේ හොඳම ගතිගුණය මොකක්ද?

මං හිතනවා මගේ ජීවිතේ හොඳම ගතිගුණය තමයි මනුස්සකම කියලා…ඒක මට over තියෙන දෙයක්..ඒ නිසාම සමහර තැන්වල මං හිතන්නැති කරදර වලට මට මූණ දෙන්න වෙලත්ත් තියෙනවා…ඔව් මං හිතන්නේ හැමෝම එක වගේ කියලා…එහෙම හිතලා මං හුඟක් මනුස්සයෙක්ට මනුස්සකමින් සලකන කොට සමහර තැන්වලදී ….ඒක මගේ හොඳට නරකට දෙකටම බලපාලා තියෙනවා… හැබැයි මං හිතනවා මනුස්සකම තමයි මේ ලෝකෙ මට තියෙන හොඳම කොලිටි එක කියලා…

ඔයා ගැන අපි නොදන්නා දෙයක් කියන්න පුළුවන්ද?

ජජ් කරන්නේ වෙනස් විදියට..ඒත් ඇතුලාන්තයෙන් මම හුඟක් වෙනස් කෙනෙක්. මගේ ඇතුලේ ඉන්න කෙනා කවුද කියලා හරියටම දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන කට්ටිය… මොකද මාව බාහීන් පේන්නේ මං ෆැෂන් කරන හොඳට අඳින ,විවිධ ශූටස් වලට පෙනී සිටින කෙනෙක් විදියට..ඇත්තටම මාව පේන්නේ අමුතු ආටෝප ජීවිතයක් තියෙන කෙනෙක් වගේ කියලා තමයි හුඟක් අය හිතන්නේ…ඒත් ඇත්තටම මාව දන්න අය දන්නවා මම හරිම සරල කෙනෙක් කියලා….මම පොළොවේ අඩිය තියලා ඉන්න ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ටම ආදරේ කරන…ඒ අය මගේ රටේද පිටරටකද කියල වෙනසක් නැතුව…මනුස්සකමට ගරු කරන… කෙනෙක් මම… මම කලින් කිව්වා වගේ මගේ ඒ ආදරණීයකම over කියල මට දැනෙනවා දැනෙනවා. සමහර තැන්වලදී මං හරිම සංවේදී වෙනවා.. විශේෂයෙන්ම පොඩි දරුවෝ දැක්කහම මම අම්මා කෙනෙක් නොවුණත්…මම හුඟාක් සංවේදී වෙනවා…ඒ මගේ හැටි ඔයාලා නොදන්න මගේ ගතිගුණයක් තමයි ඒක…

ඔයාට ජීවිතයේ ලැබුණු ප්‍රේමය ගැන මොනවද හිතෙන්නේ? ඔයා අද දවස වෙනකම් ප්‍රේමය විශ්වාස කරනවද?

ආදරය ගැන මගේ ජීවිතය ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක් නෙමෙයි මම..මොකද ආදරේ මාව, මගේ හිත අසීමාන්තිකව රිදවලා තියෙනවා…මොකද ආදරේ හින්දා සීමාන්තිකව දුක් වෙච්ච තැවිච්ච කලකිරුණු හිතක් මට තියෙන්නේ….ඇත්තටම කියනවනම් අද මේ ජීවත් වෙන මම තුළ ආදරය ගැන විශ්වාසයක් නැහැ…ඒකට හේතුව අපි කොච්චර ආදරය කළත් අපි මොනතරම් හොඳ උනත්ත් ආදරේ කියන දේ වෙනස් වෙන්න පුළුවන්…ඒත් මම දැකලා තියෙනවා..සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ආදරේ පණ වගේ රකින…පුදුම ආදරයෙන් ආදරේ බලාගන්න…එහෙම ලස්සන ආදර කතා දැක්කහම අනේ මටත් එහෙම ආදරයක් හමුවුණා නම් කියලා මගේ හිතට දැනිලා තියෙනවා…අදද හෙටද අනාගතයේ දවසකද කියලා මම දන්නේ නැහැ…ඇත්තටම එහෙම කෙනෙක් මගේ ලයිෆ් එකට එයිද…එහෙම නැත්නම් එන්නැති වෙයිද කියලවත් මම දන්නෙ නෑ දන්නෙ නෑ…හැබැයි මම විශ්වාස කරනවා කරනවා. එහෙම කෙනෙක්ගෙ උරුමයක් මට තිබ්බොත් මේ යුනිවස් එක මට එයාව මුණ ගස්සවයි කියලා… මේ ලෝකයේ ආදරේ කරන හැමෝටම මම විශ් කරනවා…අදටත් මම ගරු කරන ආදරයක් මට තිබිලා තියෙනවා…ඒ මගේ second love එක… ඒක මම ගොඩක් භක්තිමත්වය මතක් කරන ගරු කරන ආදරයක්… හැබැයි මට ආදරේ කරපු මාව රිදවපු කාටවත් මම වෛර කරන්නේ නැහැ.. මම ආදරේ කරපු කෙනෙක් කොයි හරි තැනක සතුටින් ඉන්නවනම් ඒක මට සතුටක්.. ආදරයේදී අපිට අහිමි වෙන අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් නේද….හැබැයි මට ආදරේ ගැන පසුතැවීමක් කලකිරීමක් තියෙනවා…සමහර වෙලාවට මට හිතෙනවා ආදරේ කරන්න..මටත් කවුරුහරි හිටියා නම් කියලා. ඒත්මම ඒක ඉක්මනින්ම අමතක කරලා මගේ හිතට හයියක් වෙලා ඉස්සරහට යන්න බලනවා මගේ ජීවිතේ…මං ආදරේ කරන විදිහ හරිම වෙනස්. බලමු නේද මට මවපු කෙනා ඉක්මනින්ම හමුවේවී… ඔයාලත් විශ් කරන්න… මගේ රසික රසිකාවියෝ හැමෝටම මම ගොඩාක් ආදරෙයි.. ඔව් ගොඩාක් ආදරෙයි….

ඉතිං ඇයත් එක්ක අපේ කතාබහ අවසන් වුණේ එහෙමයි…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *