සයුරෙන් එහා පුවත්

අභ්‍යාවකාශයට ගිහින් ආපු කාන්තාවෝ… පහසුවෙන්ම යන්න පුළුවන් ගුවන් ගමනක් ගැන මේ ඇසෙන කතාව මෙන්න…

කාන්තාවන්ට කළ හැකි දේ බොහෝමයි.. මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. ඔවුන් මේ සූදානම් වන්නේ විශේෂ වැඩකට.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි…

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටින බවට වාර්තා වෙනවා..

කාන්තාවෝ හය දෙනකු පමණක් මේ අයුරින් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්..

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගම, අතමිටසරු ඕනෑම අයකු ගගන සංචාරකයන් ලෙස පෘථිවි කක්ෂයට ගෙන ගොස්, අභ්‍යවකාශයේ අත්දැකීම විඳ ගැනීමට සලස්වා ආපසු පෘථිවියට රැගෙන ඒම සිදු කරයි. ඒ වසර කීපයක් තිස්සේයි..

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ හිමිකරු ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස් වෙනවා… අබ්‍යවකාශයට යෑමට සූදානමින් සිටින කාන්තාවන් 6 දෙනාගෙන් කෙනකු වන්නේ ලොරේන් සැන්චේස්යි.. මැය ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙනවා..

ඊට අමතරව, ඇමෙරිකන් පොප් ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං ද අභ්‍යවකාශ සංචාරයට එක් වීමට නියමිතයි.. ඊට එක්වෙන අනෙක් තිදෙනා වන්නේ අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින් යන අයයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!