Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

ඔයත් සති දෙකෙන් කොණ්ඩේ වවා ගන්න කැමතිද ? මෙන්න එහෙනම් විශ්මිත ප්‍රතිකාරය

හැමෝම තමන්ගේ හිස කෙස් නිරෝගිවත් ලස්සනවත්වත් තබා ගන්න කැමතියි.
ඉතින් ඒ විදියට කෙස් ටික තියාගන්න පුළුවන් විශ්මිත ආලේපනයක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ. මෙම පැරණි විශ්මිත ක්රමය මගින් හිසකෙස් නිරෝගිව, දිදුලන ලෙස පවත්වාගෙන යන්න පුළුවන්.

අවශ්ය ද්රව්ය…
– බිත්තර කහ මදය 1ක්
– එඬරු තෙල් මේස හැදි 1ක්
– මැලික් ඇසිඩ් මේස හැදි 1ක් (ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්)
– ඔබ කැමති ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් මේස හැදී 2ක්

සාදන ආකාරය…
මුලින්ම බිත්තර කහමදය වෙන්කර භාජනයක දමා එයට එඩරු තෙල් සහ මාලික් ඇසිඩ් එකතු කර හොදින් මිශ්ර කරගන්න.

එයට ෂැම්පු සහ කන්ඩිෂනර් එකතු කර නැවතත් හොදින් මිශ්ර කරන්න.

මිශ්රණය යෝගට් එකක් ආකාරයේ ඝණ ස්වභාවයට පැමිණි පසු වෙනත් සුදුසු බෝතලයකට දමා ගන්න.

මෙම සාදාගත් ආලේපනය තෙත හිසේ ආලේප කර හිස නයිලෝන් හිස් ආවරණයකින් ආවරණය කරගන්න.

විනාඩි 20ක් විතර තිබෙන්නට හැර හිස කෙස් සෝදා දමන්න.

වඩාත් කාර්යක්ෂම ප්රතිඵල සඳහා හිස සෝදන සැම විටම මෙම ආලේපනය පාවිච්චි කරන්න. හැමදාම සති දෙකක් තුනක් මෙය භාවිතා කරයි නම් දවසකට එක සැරයක් පමණක් භාවිතා කිරීම ප්රමාණවත්.

මෙම සාදා ගත ආලේපනය සාමාන්ය දිගකින් යුතු හිසකෙස් වලට සැහෙනවා.

ඔයාගේ කොන්ඩේ ගොඩක් දිගනම් අමුද්රව්ය පරිමාව වැඩි කර සකසා ගන්න.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!