“දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්” -ධනංජි තාරුකා.

“දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්” -ධනංජි තාරුකා.

දඟකාර, කටකාර රුවැත්තියක් ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පිනී ධනංජි තාරුකා මේ දිනවල ඉතාමත් කාර්යබහුල කාලයක් ගතකරනවා.

සිය දඟකාර කටකාර රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ මැවෙන චරිතවලට ජීවය දෙන ඇය සිරස නාලිකාවේ විකාශය වන ‘කොටු’ ටෙලිනාට්‍යය ඔස්සේ නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට ඇවිල්ලා. ඒ ගැන වගේම ඇගේ අලුත් වගතුග ගැනත් ‘හාට්’ අපි කතා කළා.Sri Lanka Latest News

ධනංජී කොහොමද මේ දවස්වල තොරතුරු?

මේ දවස්වල ඉතාමත් කාර්යබහුල කාලයක් ගත කරන්නේ. විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම රංගන කටයුතු කරනවා. ස්වර්ණවාහිනී ‘මා’ ටෙලිනාට්‍යය, දෙරණ ‘බේකරි ගෙදර’, සිරස ‘කොටු’ ටෙලිනාට්‍යය, හිරු ‘චංචල රේඛා’ ටෙලිනාට්‍යය. මේ ටෙලි නාට්‍ය හතරේම රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මීට අමතරව වේදිකා නාට්‍ය දෙකක වැඩ කරනවා. ඒ දේවල් එක්ක තමා මේ දවස් ටික ගෙවෙන්නේ.

සිරස නාලිකාවේ මේ දිනවල විකාශය වන ‘කොටු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

‘කොටු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ අසංක සායක්කාරගේ හරහා. එයාගේ මීට කලින් ‘ඇයි අපි සුදුද’ ටෙලිනාට්‍යය, ‘සික්ස් පැක්’ ටෙලිනාට්‍ය දෙකෙහිම වැඩ කරලා තියෙනවා.

‘කොටු’ කියන නමෙන්ම මෙම ටෙලිනාට්‍යයේ ගැඹුරක් තියෙන බවක් දැනෙනවා..?

එකිනෙකාගේ හිත් තුළ තියෙන අදහස් තමා අපි විවෘතව මේ තුළින් කතා කරන්නේ. සමාජය තුළ, අපේ රටේ වෙන්නත් පුළුවන්, වෙනත් රටක වෙන්නත් පුළුවන්, පොදු ජනතාව තුළ තියෙන සමස්ත දෙයක් තමා මේ කතාව තුළ කියන්නේ. පවුලක, ආදරය සම්බන්ධයක හෝ ඕනම යම් සම්බන්ධතාවක් ඇතුළේ ඊට එහා අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගැනීම සරලව ගත්තොත් කොටුවක් ඇතුළේ ඉන්න කෙනෙක් තවත් කොටුවකට පැනීම තමා මේ කතාව ඇතුළේ පෙන්නන්නේ. ඒ පනින කොටුව ඇතුළේ එතනින් ඇති වන ප්‍රශ්නත් එක්ක සෑම තැනක් ස්පර්ශ කරමින් ගෙනියන කතා මාලාවක්. මූලික වශයෙන් සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමා කොටු ටෙලිනාට්‍යය තුළින් එළියට අරගෙන තියෙන්නේ.

ධනංජීව දකින්නේ කටකාර දඟකාර චරිතයක් විදියට. සැබෑ ජීවිතයේදී ධනංජි ඔය වගේමද?

සැබෑ ජීවිතයේදීත් කටකාර, දඟකාර චරිතයක් තමයි. ඒත් මම ඉතාම සංවේදී කෙනෙක්. මම ගොඩක් අයත් එක්ක සුහදශීලීව මිත්‍රශීලීව ඉන්න කෙනෙක්. දඟකාර චරිතයකට එහා ගිය දෙයකට තියෙනවා නම් ඒ දේ තමයි. ඇත්තටම කිව්වොත්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *