තරු ගොසිප්

” අක්කගේ රාජධානිය වුනේ සිනමාව. ඒ නිසා අක්කට අක්කව අතහැරුණා..” අපෙන් සමුගත් ආදරණීය මාලනිය ගැන අනෝජා වීරසිංහ කී කතාව

”කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ. ඒක වරද්ද ගත්තෙ මාලිනි අක්කා නෙවෙයි…” – ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ |

හෙළ සිනමාවේ යළි පිරවිය නොහැකි හිඩැසක් තබා, ඊයේ (26) දැයෙන් සමුගත් නිළි රැජින මාලිනිය ගැන කෙරෙන කතාබහකට,, ඈ සමීපවම ඇසුරු කළ චරිත අතර ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ නම ඉහළින්ම කියවෙනවා ඇති.

අනෝජා වීරසිංහයන්ට ආදරණීය මාලිනිය ‘අක්කා’ නම් විය.
ඒ ගරුත්වය ඈ අකුරටම රැක්කා සහ රකිනවා යැයි කීම නිවැරදිය.
මාලිනිය සමුගෙන ගියද ඈ ගැන තැන තැන කෙරෙන ඇතැම් කතිකාවන් අනෝජා වීරසිංහ නිවැරදි කරන අයුරු අපූරුය.

මේ ඇය දුටු රැජිනයි…
”රැජිනියක් කියන්නෙ රාජධානිය බලාගන්න කෙනානෙ.
අක්කාගේ ජීවිතේ අතෑරලා අක්කා සිනමාව බලාගත්තා අන්තිම මොහොත වෙනකල්.
අක්කගෙ රාජධානිය වුණේ සිනමාව. ඒ නිසා අක්කට අක්කව අතහැරුණා.
මාලිනී ෆොන්සේකාව මාලිනී ෆොන්සේකාට අතහැරුණා.
රැජිණියකගේ යුතුකම් අක්කා අතින් ඉෂ්ඨ වුණා.”
මාලිනියගේ ජීවිතේ කාටත් නොකී කතා රැසක් අනෝජා වීරසිංහ දන්නා බව ඔවුන්ගේ සමීප බව ගැන දැනුවත් කාටත් රහසක් නොවේ.
”මාලිනි අක්කා යාළු වෙලා හිටපු කෙනෙක් හරි විවාහ වෙලා හිටපු කෙනෙක් හරි මාලිනි අක්කට දැන් බනිනවා නම් ඒක හරි අසාධාරණයි.
මොකද මාලිනි අක්කට උත්තර දෙන්න බෑ.
අක්කා හෙව්වෙ ආදරේ. අපි කවුරුත් හොයන්නෙ ආදරේනෙ. මේක පටලවගන්න හොඳ නෑ.
ලිංගික ජීවිතයක් පතනවා නම් දවසකට එක මනුස්සයෙක් ගාණෙ ඒ නිළියට හොයාගන්න තිබුණා.
මාලිනි අක්කට හොයාගන්න තිබුණා. පෝලිමේ මිනිස්සු බලාගෙන ඉන්නවා මාලිනි අක්කා දකින්න.
මාලිනි අක්කව බලන්න මිනිස්සු බලාගෙන ඉන්නවා.
එතකොට මාලිනි අක්කට ලිංගිකත්වයට මනුස්සයෙක් හොයාගන්න එක මහ ප්‍රශ්නයක්ද.
අක්කට වෙච්ච එකම වැරැද්ද තමයි ආදරේ පෙන්නගෙන ආපු අයගෙන් කීදෙනෙක්ද ඇත්තටම අක්කට ආදරේ කරේ.

අක්කා හින්දා ජනප්‍රිය වෙන්න ආපු අය හිටියා. අක්කා හින්දා චිත්‍රපට ලබාගන්න ආපු ඒ අය ගැන මම දන්නවා හොඳටම.
එයාලගෙ නම් කියන්නෙ නෑ මම. මාවත් අක්කවත් කොටවන්න හදපු අය හිටියා.
දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා උඩට එන්න මාලිනි අක්කව භාවිතා කරපු.
මාලිනි අක්කට ඇත්තටම ආදරේ කරේ නෑ. ඒ අයව අක්කා අන්තිම කාලෙදි දකින්නවත් කැමති වුණේ නෑ.
ඒ තරම් අක්කට ඒගොල්ලන්ව අප්‍රසන්නයි.
අක්කා එක්ක ජීවත්වෙන ගමන් තව ප්‍රේම සම්බන්ධතා ගොඩාක් තියාගෙන හිටියා.
බැනලා බැනලා වීඩියෝ දාලා, එක එක කැත කතා කියලා…. ප්‍රේක්ෂකයො මේවා දැනගත යුතුයි.
ඒ තරම් ජනප්‍රිය සිනමා නිළියක් කසාද බඳිනවා නම් එයා දැනගන්න ඕනි මේ වෘත්තිය කියලා.
සිනමාවේ නිළි රැජිනව කවුරු හරි විවාහ කරගන්නවා නම්, ප්‍රේම කරනවා නම් දැනගන්න ඕනි
මෙයාගෙ කාලෙ මට සියයට සීයක් හම්බෙන්නෙ නෑ කියලා.
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ..
ඒක වරද්ද ගත්තෙ මාලිනි අක්කා නෙවෙයි.
මාලිනි අක්කට ගෙදර නතර වෙලා තමන්ගෙ දෙමව්පියෝ බලාගන්න කියනවා නම් එයාගේ මොළේ පරීක්ෂා කරන්න වෙනවා….”

උපුටාගැනීම් : Sudaa Creation සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!