සයුරෙන් එහා පුවත්

අසල්වැසි ඉන්දියාවේ විශාල ගුවන් අනතුරක්.. පිරිසකට ජීවිත අහිමිවෙයි..

ලෝකයේ විවිධ රටවලින් ඇසෙන සංවේදී කතා අතරේ මේ තවත් එක් කතාවක්. 

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ රාංචි සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබූ ගුවන් ගිලන් රථයක් (Air Ambulance) චත්‍රා දිස්ත්‍රික්කයේ වනාන්තර ප්‍රදේශයකට කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් හත් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සඳුදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ රෝගියෙකු, වෛද්‍යවරුන්, සහායකයින් සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු තහවුරු කළා.

රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways) සමාගමට අයත් Beechcraft C90 වර්ගයේ කුඩා ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර, එහි ගමන් කළ පිරිස ගැන තවමත් නිශ්චිතව තොරතුරු සොයාගෙන නැහැ. රාංචි ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ මේ යානය අනතුරට පත්වීමට හේතුව, අයහපත් කාලගුණය තත්වය බවයි දැනගන්නට ලැබී ඇත්තේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!