තරු ගොසිප්

“ලොකුවට වේදනාවක් තිබුණෙ නැති නිසා ටිකක් බලන්නම් කියලා හිටියා” මට මගේ කන ගලවලා විසිකරන්න තරම් වේදනාවක් ආවා. පුතා අඬනවා මට පේනවා…

අපි අපිට දැනෙන ඇතැම් සියුම් ශාරීරික වේදනා, ඕනෑවට වැඩිය මායිම් නොකර එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවන්ට උදාහරණ,, හැමෝගෙම ජීවිත ඇතුළෙ තියෙනවා.
එහෙම අපි ගණන් නොගන්නා සියුම් ශාරීරික වේදනාවන්, කාලයත් එක්ක දරුණු වේදනාවන් වීම අපිටත් නොදැනුවත්වම සිද්ද වෙන දෙයක්.
තමන් එහෙම මුහුණ දුන්නු, අත්දැකීමක් ගැන ජනප්රිය රංගන ශිල්පිනි සුලෝචනා වීරසිංහ සිය ෆේස්බුක් පිටුවට ඇඟ හිරිවට්ටන සටහනක් එකතු කර තිබුණා.
ඒ, මෙය කියවන කාටත් ලොකු පණිවුඩයක් දෙමින්…
”මම ලියන අනිත් දේවල් කියෙව්වෙ නැති උනාට කමක් නෑ මේක කියවපල්ලා….
අලුත් අවුරුද්දේ පටන් ගත්ත නිර්මාණ දෙක තුනක් ගැන කතා කරන්න තියද්දි මම ඉස්සරෝම මේක ලියනවා..
මේක මගේ නොසැලකිල්ල පිළිබඳ කතාවක්..
මානසික වේදනාවල් දරාගත්තා වගේ physical වේදනාවන් අල්ලාගෙන ටික දවසක් ඉන්න පුළුවන් කියලා හිතන මම පොර මානසිකත්වය පිළිබද කතාවක්..
මොන ශාරීරික අපහසුකම් තිබුණත් ඒවා තියාගෙන භාරගත්ත වැඩවලට වෙලාවට යන්න තියෙන උණ පිළිබද කතාවක්..
තව ඉතින් කතා ගොඩකට දාලා මේ list එක දික් කරන්න ඕන නෑ නේ..
දවස දෙසැම්බර් 28 – රෑ කනේ හිනියට රිදුමක් ආවා..26 ,27 රෑ කොළඹින් පිට හිටියේ..28 රෑ 12 පහුවෙලා කොළබට එනකම් AC වාහනයක ආව නිසාත් දවස් තුනම පාන්දර වෙනකම් නොනිදා සිටි නිසාත් සෙමට ආව වේදනාවක් කියලා හිතුවා..
29 උදේ වගේ මතකයි කන නිකන් හුලං පාරක් වදිද් ද කුරු කුරු ගානවා වගේ එකක්..මට සතෙක් ගිහින් වගේද කියලත් හිතුනා කලින් රෑ..මම නෑදෑ ඩොකා අයියෙක්ගෙන් ඇහුවා.
එයා කිව්වා රෑ දැනිලා ඔයා වතුරත් දාලා බැලුවා නම් ඌ මැරෙනවා කියලා. ඒත් අමාරුයි වගේ නම් ENT SURGEON කෙනෙක්ට පෙන්නන එක තමයි වඩා හොඳ කියලා. ඒත් ඉතිං ලොකුවට වේදනාවක් තිබුනේ නැති නිසා ටිකක් බලන්නම් කියලා හිටිය..
ඔහොම තිස්වෙනිදත් පහු උනා..
කන රිදුම ටිකක් වැඩියෙන් දැනුනා.. මාස දෙකකට කලින් ඕස්ට්රේලියාවේ ගිය වෙලාවෙත් කන පොඩ්ඩක් සෙමට සීතලට infect උනා .ඒ වගේ එකක් කියලා හිතලා ඔහේ බලන් හිටිය තව ටිකක් අල්ලන් ඉන්නම් කියලා..
31 ගෙවල් කිට්ටුව ඉන්න general physician හම්බෙන්න බලද්දි වෙලාව පැනලා.. පහුවදා බලන්නම් කියලා හිටියා.. පළවෙනිදා උදේ මම කෝල් කරලා යද්දි ටිකක් කලින් ඩොක්ටර් ගිහිල්ලා.. ඒ ගමන්ම මගේ හොඳම මිතුරියගේ ගෙදර ලන්ච් වලට ගියා.. එන ගමන් ඩොක්ටර් බලන්න ගියා ..හවස වහලා.. ගෙදර ඇවිත් පැනඩෝල් දෙකක් බීලා නිදාගත්තා.
හැබැයි කනේ වේදනාව ටිකක් වැඩි වෙලා තිබුනේ….
පහුවෙනිදා අලුත් drama එකක first script reading දාගෙන තිබුණා.. ඒකෙන් කෝල් කරලා උදේ නමය වෙද්දි එනවා නේද කියලා ඇහුවා.. මම කිව්වා මෙහෙම අපහසුතාවයක ඉන්නවා උදේ බෙහෙත් අරගෙනම එන්නද කියලා..
කොහොම හරි උදේ ගෙවල් ළඟ ඩොක්ටර්ට කන පෙන්නුවා පොඩි නෝක්කාඩුවකුත් දාන ගමන් අපිව රස්තියාදු කරල කලින් ගෙවල් වලට ගියාට.. මගේ විස්තර අහලා කනට ටෝච් එක දාලා බලලා සෙමට කන ඉදිමිලා වගේ එකක් තමයි එයාගෙ තීරණය වුණේ.. බෙහෙත් දුන්නා.. මම හිතුවා වේල් තුනක් ඒ බෙහෙත බීලා අඩු වුණේ නැත්තං ආයෙ බලන්නම් කියලා..
හවස තව අලුත් ටෙලිනාට්යයෙක් පටන් ගන්න එකක පොඩි මීටිමක් තිබුණා.. හැබැයි ඒ වෙද්දි වේදනාව දැනෙමින් තිබුන හොඳටම.. මගේ යාලුවෙක් මට හේමාස් එකේ ENT කෙනෙක් ඒ වෙලාවේ ඉන්නවද කියලා channeling එකක් දාන්න බැලුවා.. මොකද මගේ මීටින් එක තිබුණෙත් තලවතුගොඩ.
මං එතකොට හේමාස් එක කිට්ටුව හිටියේ. මගේ කරුමේ කියන්නේ මම යන්න වාහනේ හරවද්දිම යාළුවා කෝල් කරලා කිව්වා ඩොක්ට ගිහින් කියලා.. ඉතින් මං අතන වැඩේට ගියා.. ඒත් මං 9 වෙන්න කලින් එතනින් පිටත් වුනා.. කන රිදෙමින් තිබුන හින්දා.. රෑට බෙහෙත් ටික බීලා දහ හමාර වගේ වෙද්දි මම නිදාගන්න ගියා..
පොඩිවට නින්ද ගියා.. ඒත් දොළහේ විතර ඉඳන් කන පුපුරන්න තරං වේදනාකාවක් එන්න ගත්තා… හත්තට පාරක් ආවා.. තද කරගෙන හිටියා. ඒක ඇත්තටම වචන වලින් විස්තර කරන්න පුළුවන් වේදනාවක් නෙවෙයි.. මගේ ජීවිත කාලය තුල මං අත්වින්ද බරපතලම භයානකම වේදනාව ඒක.. කන ඇතුලෙන් අල්ලගෙන කන ඇතුළෙ මගේ කන් බෙරය අඹරනවා වගේ මට දැනෙන්න ගත්තා. මුළු ඔළුවම පුපුරන්න වගේ.. පාන්දර එකහමාර වෙනකන් ඉවසන් හිටියා… කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ.. මායි පුතායි විතරයි ගෙදර..
ඇඳුමක් දාගෙන දත් ටික මැදගෙන පුතාට කතා කරා. එයාවත් ලෑස්ති කර ගත්තා. එයා ළඟ ගෙදර තියන්න හැදුව.. එයා බෑ කිව්වා .මට ඒ වෙලාවේ තරහත් ගියා. මන් වේදනාවෙන් ඔළුව අල්ලගෙන කෑගහද්දි එයාගේ ඇස්වලින් කඳුළු පනින් න ගත්තා. එයා බය වුණා. ඒත් මට තරහක් කුත් ආවා.. මොකද මගේ ඒ දරුණු වේදනාව බල බල කිලෝමීටර් දහයක් තල වතු ගොඩට යන ගමනට එයා එන එකට මම කැමති නැති උණ නිසා..
මා කුඹුරදි කාර් එක නවත්තල ස්ටීයරින් වීල් එක අල්ලගෙන මම පුළුවන් තරම් කෑ ගැහුව .මට මගේ කන ගලවලා විසිකරන්න තරම් වේදනාවක් ආවා… පුතා අඬනවා මට පේනවා.. එතන ඉඳන් හේමාස් යනකම් මං ගියේ කෑ ගහ ගහ.
කොහොම හරි ඉමන්ජන්සි වෝර්ඩ් ගිහිල්ලා මං මගේ අමාරුව එතන ඒ වෙලාවේ හිටපු ඩොක්ටර් කිව්වා. ඒ වෙලාවෙත් මට ඒ වේදනාව ආවා .මම කන අල්ලගෙන කෑගැහුවා එයා කිව්වා බ්ලීඩ් වෙලා කියලා. කොහොමහරි මගේ වේදනාව සමනය කරන්න එයා එයාට කරන්න පුළුවන් විදියට උපරිමයෙන්ම පේන් එක manage කරගන්න මට තුන් විදිහකට වේදනානාශක දුන්නා.. උදේ ට. ENT SURGEON කෙනෙක්ට පෙන්නගන්නකම් වේදනාව නවත්තලා තියාගන්න එයා කරපු දෙයින් පුළුවන් උනා… ENT surgeon guide කලෙත් එයාමයි..Thank you doctor Kavidu Nirangana..
ඉතින් උදේ අපොයින්මන්ට් දාලා doctor hospital එකට එනකන් (ENT surgeon Dr. Chandra Jayasuriya)අලුතෙන් කරන්න යන ෆිල්ම් එකේ script reading එකට ගිහිල්ලා විනාඩි 30ක් විතර එතන ඉඳලා Hospital ගියා. ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ ෆොටෝස් වල වීඩියෝස් වල තියෙන්නේ… ඒක කරගෙන ආයෙමත් script රීඩින් එකට ආවා….”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!