දේශීය පුවත්

චීනයෙන් ඩොලර් මිලියනයක්: යුවාන් මිලියන 10ක සහනාධාර..

අමෙරිකන් ඩොලර් මිලියන 1ක මුදල් පරිත්‍යාගයක් සහ යුවාන් මිලියන 10ක් වටිනා සහනාදාර චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා සහෝදර සහෝදරියන් සමග චීනය මෙම අවස්ථාවේදී එකට සිටින බව එම කාර්යාලය සඳහන් කළේ ය.

එම කාර්යාලය තවදුරටත් පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථිර නායකත්වය යටතේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමූහික සහයෝගය ඇතිව නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම ව්‍යසනය ජය ගනු ඇති බව ය.

සහයෝගීතාවයෙන් එක්සත් වී නුදුරු අනාගතයේ දී තම නිවාස නැවත ගොඩනඟනු ඇති බවත් විශ්වාස යැයිද චීන තානාපති කාර්යාලය තවදුරටත් සඳහන් කළේ ය.

ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ගේ ආපදා සහන කටයුතු සඳහා සහාය වීම සඳහා, චීන රතු කුරුස සංගමය ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට අමෙරිකානු ඩොලර් 100,000 ක හදිසි මුදල් ආධාර ලබා දී ඇති අතර චීන රජයෙන් හදිසි ආධාර ලබා දීම ක්‍රියාත්මක වෙමින් පවතින බවද කීය.

මේ අතර, ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශීය චීන සංගමය පරිත්‍යාග මුලපිරීම් දියත් කළ අතර මේ වන විට බලපෑමට ලක් වූ ප්‍රදේශ සඳහා රුපියල් මිලියන 10 ක් එකතු කර ඇති බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Image

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!