තරු ගොසිප්

“දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට…සිහිනෙක දැවටී ඔබ එනවා” – ඇයගේ ජීවිතයේ ලොකුම ශක්තිය අද නික්ම ගිහින්…

 

 

ප්‍රවීන ගායන ශිල්පීණී පුන්‍යා කත්‍රිආරච්චි කලාකාරිනියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ විජයානන්ද පාඩිප්පෙරුම පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 80 ක්. වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිලිපියකු වූ විජයානන්ද, කලක් ශ්‍රී ලංකා රේගු අධිකාරියෙත් සේවය කර තිබුණා.

“මගේ කලා ජීවිතයට මුල සිටම ඔහු හුගාක් උදව් කළා…ඒ් ගැන මම හැම වෙලාවෙම මතක් කරන්නේ හරිම ආදරයෙන්..දැන් ඔහු නැහැ. මොනවා කරන්නද..? මගේ හැම වැඩකදීම ඔහු මාත් එක්කම තමයි හිටියේ. “තම ස්වාමි පුරුෂයාගේ වියෝව සම්බන්ධව ඇය සංවේගයෙන් යුතුව කතා කළේ ඒ් විදියටයි”

පුන්‍යා කත්‍රිආරච්චි විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිණියක්.

ඇය ගැයූ ‘දෑස වසා ගමි..ඔබ නොපෙනෙන්නට.’ ‘බකිණි ගහේ බකිණි මලෙන්, ‘දෙනුවර මින් පසු’, ‘මට මතකයි ඔබ පීපිලා උන්නා..’ වගේ ගීතවලට රසික ප්‍රසාදය ඉහළින්ම ලැබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!