තරු ගොසිප්

වෙනදා සිංහල අලුත් අවුරුද්දට නැතුවම බැරි චරිතයක්. මේ පාර අවුරුද්දට නම් එයා ලංකාවේ නැ…

සිංහල අලුත් අවුරුද්ද ඇවිත්. හැමෝම ප්‍රීතියෙන්. ප්‍රීතිමත් බව තවත් වැඩිවෙන්නේ අපි කියන කරන දේවල්වලින්. මේ සිංහල අලුත් අවුරුද්ද අපේ කලා තරුවලටත් විශේෂයි කියලා හිතුන හින්දම එයාලා මොනවද කරන්නේ කියලා දැනගන්න හිතුවා. මේ නිසා කීපදෙනෙක් එක්ක කතා කළේ අවුරුදු සරුද, මොකද කරන්නේ කියලා අහන්න.

‘‘මේ පාර සිංහල අවුරුද්දට මම ගෙදර නැහැ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අවුරුදු උත්සවයට මටයි, පුතාටයි යන්න වෙනවා. අපේ රන්වල බලකායේ චානක මෙල්බර්න්වල ඉඳලා සිඩ්නිවලට ඇවිත් අපිත් එක්ක එකතු වෙනවා. 12 වැනිදා තමා සිඩ්නිවල අවුරුදු උත්සවය තියෙන්නේ. මේ ලිපිය ඔයාලා කියවනකොට මම සිඩ්නිවල තමයි ඉන්නේ.

ඇත්තටම සිඩ්නිවල අවුරුදු උත්සවය හරිම විශේෂයි. මොකද ඒ රටේ අය ලංකාවෙන් දුරස් වෙලා ඉන්න නිසා ඒ අවුරුදු උත්සවය හුඟක් මහන්සි වෙලා කරන්න උත්සාහ කරනවා. හැමෝම එකම ජාතියේ ඇඳුම් ඇඳගෙන එනවා. පිරිමි අය ලස්සන පාට පාට සරම් කමිස අඳිනවා. කාන්තාවන් පාට පාට රෙදි හැට්ට අඳිනවා. විදෙස් අයත් අපේ ක්‍රමයට, අපේ අවුරුද්දට ගැළපෙන ආකාරයට තමා ඇඳුම් ඇඳගෙන එන්නේ. සිඩ්නි අවුරුදු උත්සවය දැක්කම මට හිතෙන්නේ මේ තමා ලංකාවේ නිල අවුරුදු උත්සවය කියලා. ඒ තරමට ඔවුන් අපේකම වැඩිවෙන ආකාරයට අවුරුදු සමරනවා. බොහෝ ජන ක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සවය තුළ සිඩ්නිවල අපේකම මනා ලෙස ලෝකයට කියාපානවා.

ලංකාවේ රූපවාහිනි නාළිකාවල තිබුණු අවුරුදු උත්සව කලින් පටිගත කළ නිසා අවුරුදු දවසේ අපේ අයගේ ඉස්සරහටත් එන්න වාසනාව ලැබෙනවා. ඒ වගේම රන්වල බලකාය ලංකාව පුරා තියන අවුරුදු උත්සවවලට සහභාගි වෙනවා. මමත් ලංකාවට ආපු ගමන් අවුරුදු උත්සව හා ඒ හා සම්බන්ධ වැඩසටහන්වලට සහභාගී වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!