Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ගම්පොල පැහැරගත් සිසුවිය අම්පාරෙන් මතු වෙයි !

(වසන්ත චන්ද්‍රපාල, ෂේන් සෙනෙවිරත්න සහ එච්.ඒ.ඩී ඥාණසිරි)

ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට ලක් වූ සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකද නවාතැන් ගෙන සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම සිසුවියගේ කිසිදු විරෝධතාවයක් නොමැතිව පැහැර ගත්පුද්ගලයා සමග හෝටලයට පැමිණෙන අයුරු හෝටලයේ සීසීටීවී දර්ශනවලින් නිරීක්‍ෂණය වූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පැහැර ගැනීම සිදුකිරීම සඳහා භාවිතා කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවියගේ කිසිදු අකැමැත්තක් හෝ විරෝධතාවයක් නොමැතිව වෑන් රථයේ ගමන් කළ බවයි.

කෙසේ නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස්‌ කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැරගෙන යාම සහ කප්පම් මුදල් ඉල්ලීම් යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!