දේශීය පුවත්

බුද්ධ අධිෂ්ඨානයෙන් ජලය ඔසු පැන් වූ දිඹුලාගල ඹෟෂධ පොකුණ..

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල විහාරය ගැන ඔබ අසා තිබෙනවාට කිසිම සැකයක් නැහැ. දිඹුලාගල විහාරයේ ඉතිහාසය බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩම කල කාලය දක්වාම දිව යන්නක්. දිඹුලාගල විහාරය ආසන්නයේ පිහිටා තිබෙන පොකුණක සුවිශේෂත්වයක් ගැනයි මේ ලිපියෙන් කියැවෙන්නේ.
ඔබ මීට කලින් අහල තිබෙනවාද? දිඹලාගල ඖෂධ පොකුණ ගැන. මෙම පොකුණ අඩි 22ක් පමණ පළලින් හා අඩි 8ක් පමණ එළියට විවෘත වූ ගිරි ගුහාවක පිහිටා තිබෙනවා. පොකුණට ප්‍රවේශ වීමට අඩි 2ක් පමණ පළල් වූ පටු ගල් පඩි පෙළකින් අඩි 12ක් පමණ පහලට බැස යා යුතු වෙනවා. මේ පොකුණෙහි අඩි 3 – 4ක් සැමදා ජලය පිරී පවතිනවා. ඒත් පොකුණට ජලය එන තැනක් හෝ බැස යන තැනක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ ජලය තියෙන තැනක් ගොඩක් අපවිත්‍ර වෙන එක සාමාන්‍ය දෙයක් වුණත් මේ පොකුණේ ඉතාමත් පිරිසිදු නැවුම් ජලය තමයි තිබෙන්නේ. ඇත්තෙන්ම මෙය සොබා දහම් මාතාවගේ අපූරු නිර්මාණයක්.
මෙය ‘‘ඖෂධ පොකුණ‘‘ ලෙස ප්‍රසිද්ධ වීමට හේතුවූ කාරණය දැනගන්න එක තමයි ඉතාම වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ සමයේ මහියංගනයේ දැඩි නියගයක් පැවතුනාලු. දිඹුලාගල සිටි යක්ෂ නායකයෙක් බුදුරජාණන්වහන්සේට ජලය ගෙන ගොස් තිබුණේ දිඹුලාගල පිහිටි මෙම පොකුණෙනි. බුදු රජාණන් වහන්සේ මේ පැන් කොතලය ගෙන ‘‘ මේ බුද්ධ කල්පය අවසන් වන තෙක් මේ පොකුණෙහි ජලය නොසිදෙන ලෙසත්, මෙයින් ජලය පානය කරන්නවුන්ට වැළදෙන්නාවූ අමනුෂ්‍යාදී දෝෂ ද නා නා විද රෝගයන්ද සුව වේවා“ ලෙස අධිෂ්ඨාන කළේලු. මේ අධිෂ්ඨාන බලයෙන් මේ වන තුරුත් මේ පොකුණෙහි දිය නොසිදුන බවත් රෝග උපද්‍රවයන් සදහා මෙහි ජලය ප්‍රත්‍යක්ෂ බවත් වර්තමානයේත් උගත් නූගත් සියළු දෙනා පිළිගන්නා මතයකි.
ඖෂධ පොකුණට ප්‍රවේශ වන මාර්ගය නම් ටිකක් දුෂ්කර වූ එකක්. වන ලැහැබක් මැදින් ගොස් මගුල් දමන නමින් හදුන්වන මාර්ගය ඔස්සේ මාරයාගේ වීදිය ලෙස හදුන්වන දුෂ්කර මාර්ගයක් තරණය කිරීමෙන් පසු මේ පොකුණට ප්‍රවේශ වෙන්න පුළුවන්.
සටහන උපුටාගැනීමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!