දේශීය පුවත්

මන්ත්‍රි විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එය මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි.

ඒ අනුව, ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමද අත්හිටුවා ඇති බව අමාත්‍යවරයා පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!