ක්‍රීඩා පුවත්

දුනිත් ඉවත් කල හේතුව චරිත් කියයි ! ” ඒක හරි අමාරු තීරණයක් “

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන්ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය.

තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තයබලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ නායක චරිත් අසලංක,

“ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. T-10 තරගාවලිය ක්‍රීඩා කරලා හොඳින් ලකුණු අතරත්, කඩුලු අතරත් හිටියා. ඒක හොඳ සූදානමක් කණ්ඩායමට. 

අභියෝගාත්මක තරගාවලියක්. නවසීලන්තය ඔවුන්ගේ රටේදී ගොඩක් ශක්තිමත්. කණ්ඩායමේ ගොඩක් ලොකු වෙනස්කම්  කරන්නේ නෑ. නමුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අත්දැකීම්, නවකයන්ට ලබාදීමේ බලාපොරොත්තුවක් තියෙනවා.  

නවසීලන්තයේ ක්‍රීඩාකරද්දී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදෙන්න ඕන නිසයි දුනිත් කණ්ඩායමෙන් ඉවත්කළේ. ඒක හරි අමාරු තීරණයක්. මටත් තේරීම් කමිටුවටත්, පුහුණුකරුටත් අමාරු තීරණයක් වුණා. නවසීලන්තයේ වගේ තණතීරුවල ක්‍රීඩා කරද්දී සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙනවා”.

දෙරට අතර තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලියේ පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

එම තරග මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබේ.

උපුටාගැනීම අද දෙරණ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!