තරු ගොසිප්

” මෙච්චර පොළොවට නැමුණු තරුණ ව්‍යවසායකයෙක් මම දැකලා නැ… ” රටම දන්න ඔහු ගැන ලකා කී කතාව

”චරිත්, ලංකාවේ ලොකුම YouTuber තමන් කියලා හීනෙකින්වත් නොහිතා හැසිරෙන, මහ පොළවෙ ඉන්න තරුණයෙක්”
”මෙච්චර පොළවට නැමුණ තරුණ ව්‍යවසායකයෙක් මම දැකලා නෑ”
චරිත්ට, එහෙමත් නැත්නම් Wild Cookbook ට මේ සහතිකය දෙන්නෙ, ලකා.
ගෙවුණු දවසක වාලම්පුරි දින පනහ සමරන්න ආරාධනා කළ පිරිස් අතර උන්නු චරිත්ව, ලකාගේ හිතට වැදිලා තිබුණෙ එහෙම.
දියුණු වෙන්න දියුණු වෙන්න හිස උදුම්මා ගන්න චරිත අතර, චරිත් කියන්නෙ මහ පොළොවේ ජීවත් වන තරුණයෙක් කියලයි ඔහු මේ කියන්නෙ.
”මෙච්චර පොළවට නැමුණ තරුණ ව්‍යවසායකයෙක් මම දැකලා නෑ.
අපේ දින පනහට මේ වගේ ජීවිතේ මහන්සියෙන් ගොඩගත්ත සහ ඒ පාරේ ඉන්න තරුණ පිරිසකට ආරාධනා කරමු කියන අදහස මුලින්ම අපිට දුන්නේ අපේ Sandun Lakmal සහෝදරයා.
අපේ අසංක, ප්‍රදීප්, ප්‍රිමා උදාර හෂාන් ඇතුළු ටීම් එකම එක හඬින් ඒකට එකඟවුණා….
අපි දුන්න ආරාධනාව භාරගෙන ඒ හැමෝම ආව.
චරිත් මල්ලිට මම කෝල් කළේ. එක කෝල් එකෙන්ම ‘අයියෙ මම එනවා’ කිව්ව චරිත් ලංකාවේ ලොකුම youtuber තමන් කියලා හීනෙකින්වත් නොහිතා හැසිරෙන ඉතාම පොළවේ ඉන්න තරුණයෙක්.
ආව අනික් සෙට් එකත් මාරම ගේමක් ගහමින් ලංකාවේ ඉස්සරහට යමින් ඉන්න සෙට් එකක්…
මචන් අපි ෆිල්ම් හදන්නේ උඹලට. උඹලා ආපහු දේවල් හදන්නේ අපිට… ඒකෙ අග තියෙන්නේ පොඩි රටක, කට්ට කන මිනිස්සු ටිකකට අපිට පුළුවන් විදියට දෙන පොඩි සොමියක්….
ස්තුතියි එදා ආව හැමෝටම… ආදරෙයි….”

උපුටාගැනීම : Laka Darmarathna ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!