දේශීය පුවත්

රාජපක්ෂලා රනිල්ලා හිරේ දානවාමයි. – හඳුන්නෙත්ති කියයි

රාජපක්ෂලා රනිල්ලා හිරේ දාන බව තමන් පැහැදිලිවම කියන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙසේ අදහස් පළ කළේය.

“සීනි බදු වංචාව තියෙනවා. මමයි පැමිණිල්ල කළේ. අපි අතාරින්නෙ නෑ. නඩුව ගෙනියනවා. සුදු ලූනු වංචාව තියෙනවා. සතොස හාල් ගෙනැල්ලා ගුල්ලන් ගහලා කියලා දොර ළඟ තියාගෙන බියර් කොම්පැනි වලට වික්කා.

සතොස සහල් අඩු ගාණට විකුණලා ආපහු සතොසට දුන්නා. කිරි හරක් ගෙනාවා. ඩොලර්වලින් ගැහුවා. සමහරු අධිවේගී මාර්ග වලින් ගැහුවා. ආයුර්වේද සංස්ථාවේ රාජ්‍ය නිලධාරීන් රාජිතගේ ගෙදර වැඩ කළා.

මෙතැන තිබුණේ චෞර රාජ්‍යයක්. බැඳුම්කර වංචා කරපු අය ගෙනියන්න ඕනෑ. රාජපක්ෂලා රනිල්ලා හිරේ දාන බව අධිකරණ ඇමැති කියන්න ඕනෑ. මම කියනවා. ඇමැතිවරුන්ගේ වගේම ඒ අයගේ ඩ්‍රයිවර්ලගේ හොර ගෑනුන්ගේ ළඟ තියෙන දේපළ ගැනත් හොයන්න ඕනෑ කියලා”

Asian Mirror

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!