Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Uncategorized

හදලා බලමුද රසම රස පොල්කිරි තේ එකක්..?

 

තේ බොන්න හුඟාක් අය කැමතියිනේ.. ඔන්න අද කියලා දෙන්න හදන්නේ වෙනස්ම විදිහේ තේ එකක් හදන හැටි… මේ තේ එක හරිම රසවත් …

අහලා තියෙනවද පොල්කිරි තේ ගැන ? ගොඩක් අය අහලා නැතුව ඇති… ඔන්න බලන්නකෝ මේ සුපිරි තේ එක ගැන විස්තරේ…

සිරුර සිසිල් කරන පොල් කිරි සිරුරේ විෂ නැසීමටත් භාවිතා කෙරනවා.

පොල් කිරිවලට සීනි දමා ශීතකර රසයෙන් සහ ගුණයෙන් පිරි පානයක් සාදාගන්න පුළුවනි.

ඒ විතරක් නොවෙයි, එයට කහට එකතු කිරීමෙන් රසයෙන් අනූන තේ එකක් ද සකසා ගත හැකි බව බොහෝ දෙනා නොදන්නවා ඇති.

කෙසේ නමුත්, සංතෘප්ත මේදය අඩංගු පොල්කිරි රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට හේතුවන බව බටහිර පර්යේෂකයින් සොයාගෙන තිබුණත්, පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රයේ නම් සඳහන් වන්නේ පොල් කිරිවල ඖෂධීය ගුණ රැසක් තිබෙනබවයි.

සිරුරේ බර අඩුකර ගැනීමටද පොල් තෙල් මෙන්ම පොල් කිරි උපකාරී වෙනවා. ගැස්ට්‍රයිටීස් තිබෙන අයටත් කහට නොදා සකසන පොල්කිරි පානය ඉතා ගුණදායකයි.

අවශ්‍ය ද්‍රව්‍ය

මිටිකිරි පීරිසි කෝප්පයක්

වතුර පීරිසි කෝප්ප එකයි කාලක්

තේ කොළ තේ හැන්දක්

සීනි රස අනුව

සකසන අයුරු

භාජනයකට මිටිකිරි, වතුර සහ තේ කොළ දමා උතුරුවා ගන්න.

තේ පෙරනයකින් පෙරාගෙන සීනි එක්කර රස්නය තිබියදී පානය කරන්න.

උපුටාගැනීමක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!