දේශීය පුවත්

සියල්ලන්ම හඬා වැලපෙයි. නිළි රැජිනයට සමුදෙන්න මහා ජන ගඟක්…

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මේ වනවිට ඇයගේ මාදිවෙල පිහිටි නිවසේ තැම්පත් කර තිබෙනවා.

විශාල පිරිසක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ රාත්‍රියේ සිට පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.

අභාවප්‍රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.

අනතුරුව අවසන් කටයුතු  රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!