Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හමුදා භාණ්ඩ ප්‍රවාහන යානයක් කඩා වැටෙයි.. 15කට ජීවිත අහිමි වෙද්දී, තවත් 30කට තුවාලයි..

බොලිවියානු ගුවන් හමුදාවට අයත් C-130H හර්කියුලිස් (C-130H Hercules) වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ලා පාස් (La Paz) නුවර එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට (El Alto Inteational Airport) පිටතින් පිහිටි ප්‍රධාන මාවතකට කඩා වැටී තිබෙනවා.

එල් ඇල්ටෝ ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ ගුවන් යානය ගොඩබැස්සවීමේදී ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි මාවතකට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

එසේම අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණය අනතුරට හේතුවන්නට ඇති බවයි මේ වෙනකොට සැක පළකරන්නේ.

මේ හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර, මියගිය අය අතර යානයේ සිටි පිරිස මෙන්ම මාර්ගයේ ගමන් කළ සිවිල් වැසියන් ද සිටින බව වාර්තා වෙනවා.

අනතුරත් සමඟ යානයේ තිබූ විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් මාර්ගය පුරා විසිරී ගොස් ඇත.

එම අවස්ථාවේ රැස්වූ ප්‍රදේශවාසීන් සහ මගීන් විසිරී තිබූ මුදල් එකතු කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

කෙසේ වෙතත්, බොලිවියානු මධ්‍යම බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් නෝට්ටු තවමත් භාවිතයට නිකුත් කර නොමැති බැවින් සහ ඒවායේ අනුක්‍රමික අංක සටහන් කර නොමැති බැවින් ඒවාට නීත්‍යානුකූල වටිනාකමක් නොමැති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!