සයුරෙන් එහා පුවත්

නීතිය නම් නීතිය ! ජනාධිපතිව අත් අඩංගුවට ගන්න පොලිසියෙන් ගෙදරටම ගිහින්.. ලොවක් පුදුම කල මේ පුවත ඇහුවද ?

daකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය ඔහුගේ නිවස වෙත ගොස් තිබෙනවා.

ඒ ඉකුත් දෙසැම්බර් මස මුලදී කෙටි කාලීන යුද නීතිය ප්‍රකාශ කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන්.

දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් 20 දෙනෙකු පමණ ජනාධිපති නිල නිවස වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ජනාධිපති යූන් සුක් යෝල් ගේ ආධාරකරුවන් ඔහුගේ නිවසින් පිටත රැස්වීම නිසා වාතාවරණය නොසන්සුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් ද ඔහු අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වී ඇති බව සඳහන්. ජනාධිපතිවරයාගේ නීතිඥවරයා පවසන්නේ ඔවුන් “නීති විරෝධී” අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අභියෝග කරන බවයි.

තම බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ කැරැල්ලක් උසිගැන්වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරීන් ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසිවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අධිකරණය විසින් ජනාධිපති යූන් සුක්ට එරෙහිව මේ සතිය මුලදී වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

කෙටිකාලීන යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පසු දකුණු කොරියාව මේ වන විට දේශපාලන අර්බුදයකට ලක්ව ඇති අතර මෙම සිද්ධියත් සමග එය තවත් වර්ධනය වනු ඇති බවයි විදෙස් විශ්ලේශකයින් පවසන්නේ.

මන්ත්‍රීවරුන් ඔහුට දෝෂාභියෝගයක් ගෙන ඒමට ඡන්දය දීමෙන් පසු දෙසැම්බර් 14 වන දින යූන් රාජකාරියෙන් අත්හිටුවන ලද නමුත් ඔහු ධුරයෙන් ඉවත් කළ හැක්කේ මෙය රටේ ව්‍යවස්ථාපිත අධිකරණය විසින් තහවුරු කරනු ලැබුවහොත් පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!