Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ආහාර මිලට ළඟදීම වෙන්න යන දේ…..

ඉදිරි කාලයේදී අනිවාර්යෙන්ම ආපනශාලාවල සහ අවන්හල්වල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඉහළ ගිය ගෑස් මිල සහ සහල් ඇතුළු අනෙකුත් ආහාර නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

ගෑස් මිල ඇතුලු අනෙකුත් භාණ්ඩවල මිල ගණන් නිසි පරිදි නියාමනය කිරීමට කටයුතු කරන ලෙසයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුකෂාන් රජයෙන් ඉල්ලා සිටින්නේ

මේ අතර තවත් පාර්ශව කිහිපයක්ද ගෑස් මිල නියාමනය කරන ලෙස පසුගියදා රජයෙන් ඉල්ලා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!