නිදිමත වෙලාවට, මහන්සි වෙලාවට, කම්මැලි වෙලාවට, තිබහ වෙලාවට, ඈලිමෑලි වෙලාවට…
මේ කොයි කොයි වෙලාවටත් හොඳ කෝපි කෝප්පයක් බිව්වම ඇඟට හිතට දෙකට ම දැනෙන්නෙ අමෘතය පානය කළා වගේ.
කෝපි බිව්වම දැනෙන සනීපය සහ ශක්තිජනක බව නිසා ම සමහරු කෝපිවලට ඇබ්බැහි වෙනවා. මේ නිසා ම කෝපිවල හොඳ නරකගැන තියෙන්නේ මිශ්‍ර අදහස්.
සමහරුන්ට අනුව කෝපි ශරීරයට ගුණදායක බීමක්. ඒත් තවත් සමහරු කියන්නේ කෝපි සෞඛ්‍යයට අහිතකර බීමක් කියලා. මේකතාවල ඇත්ත නැත්ත මොකද්ද?
හෘද රෝග චිකිත්සාව පිළිබඳ යුරෝපීය සංගමය අවුරුදු දහයක් තිස්සේ පුද්ගලයින් 20,000ක් යොදාගෙන කරපු පර්යේෂණයකින් හෙළිවුණ විදිහට, දිනකට කෝපි කෝප්ප හතරක්වත් පානය කරන අය, කවදාවත් කෝපි පානය නොකරන පිරිසට වඩා කල් ජීවත් වෙනවා ලු! ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිඵල ලෝකයට හෙළි කළේ 2017 වසරේ හෘද රෝග චිකිත්සාව පිළිබඳ යුරෝපීය සංගමය විසින් පවත්වනකොංග්රසයේදී.
ඒ අනුව දිනකට කෝපි කෝප්ප හතරක්වත් පානය කරන අයගේ ඉක්මන් මරණ සිදු වීමේ අවදානම, කවදාවත් කෝපි පානය නොකරනපිරිසට වඩා 64%කින් අඩුයි! වයස අවුරුදු 45ට ආසන්න පුද්ගලයින් තුළ මේ අඩු අවදානම කැපී පේන බවයි ඔවුන් කියන්නේ. ඒ කියන්නේඅපි වයසට යන්න යන්න කෝපි බීමෙන් වාසි ගොඩක් අත් වෙනවා කියන එකයි.
ඒ විතරක් නෙවෙයි, දියවැඩියාව, අක්මා රෝග, සමේ පිළිකා, ඇල්සයිමර් වගේ රෝගවලට ඔසුවක් විදිහටත් දැන් කෝපි සැලකෙනවා. කෝපිවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. විවිධ රෝගවලට එරෙහිව ධනාත්මකව ක්‍රියාත්මක වන්නේ මේ සංයෝගයි.
හැබැයි ඉතින්
කෝපිවල වාසිදායක පැත්ත වගේ ම අවාසිදායක පැත්තකුත් තියන බව අමතක කරන්න බෑ.විශේෂයෙන් ම ගැබිනි මව්වරුන්, හෘදරෝගීන්, අක්‍රමවත් හෘද ස්පන්දනයකින් යුතු පුද්ගලයින් වගේ අයට කැෆේන් අහිතකර නිසා ඔවුන් කෝපි පානය අවම කරන එක තමයිසුදුසු. කැෆේන් කියන්නේ හෘද ස්පන්දනය ඉහළ නංවන්නට හේතු වෙන දෙයක්. ඒ නිසා මේ අයට දිනකට එක කෝප්පයකට වඩා කෝපිපානය නුසුදුසු බවයි විශේෂඥයින් කියන්නේ.
මතකයේ තියාගත යුතු තවත් වැදගත් කරුණක් තියනවා. ඒ තමයි කැෆේන් අවම කළ කෝපිවල (Decaffeinated Coffee) පවාකැෆේන් යම් ප්‍රමාණයක් අඩංගු බව. මේ බව හොයාගෙන තියෙන්නේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලය 2006 දී සිදු කළ පර්යේෂණයකින්. ඒඅනුව Decaffeinated කියන්නේ කැෆේන් කිසියම් ප්‍රමාණයක් අඩු කළ කෝපි මිසක් කැෆේන්වලින් තොර කෝපි නෙවෙයි. ඒ නිසාDecaffeinated Coffee වුණත් දවසට කෝප්ප කීපයක් බොන එක සිරුරට අහිතකර වෙන්න පුළුවන්.
කෝපි බොනවා නම්
ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියනව නේ. ඇබ්බැහි වුණොත් ඕන දෙයක් නරකයි. බෙහෙතක් වුණත් මාත්‍රාවට වැඩියෙන් ගත්තොත්අහිතකරයි. කෝපිත් ඒ වගේ. ඉතින් කෝපි බොනකොට අවධානය යොමු කරන්න ඕනේ කරුණු කීපයක් ගැනත් මතක් කරලමඉන්නම්කො.
ඔයත් නිකං කෝපි බොන්නේ නැති, කිරි කෝපි බොන කෙනෙක් නං, මේදය රහිත කිරි පාවිච්චි කරන්න. මේදය නිසා ඇඟට කැලරිවැඩියෙන් ඇතුළු වෙනවා. ඒක ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නෑ.
නිතර නිතර කෝපි බොනවා නං, කෝපි එකට දාන සීනි ප්‍රමාණය පුළුවන් තරම් අවම කරන්න. සීනි තේ හැන්දක කැලරි දහසයක් අඩංගුයි. දවසට සීනි දාපු කෝපි කෝප්ප දෙක තුනක් බොනවා නං කැලරි කොච්චරක් ඇඟට ඇතුළු වෙනවද කියල හිතාගන්න පුළුවන් නේ?
ඔයාටත් කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයක් තියනවා නං, කෝපි බොනකොට ෆිල්ටර්ඩ් කෝපි ම බොන්න. ෆිල්ටර් නොකරපුකෝපිවලින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්න ඉඩ තියනවා.
මේ කාලේ හුඟක් අයට තියන ලෙඩක් නින්ද නොයෑම. ඔයාටත් නින්ද යන්නේ නැත්තං, කෝපි බීම අඩු කරන්න. කෝපිවල අඩංගුකැෆේන්වලින් සිද්ධ වෙන්නේ අපිව අවදියෙන් තැබීම. ඒ නිසා විශේෂයෙන්
හවස් කාලයට සහ රාත්‍රී කාලයට කෝපි බීමෙන් වැළකෙන එක වඩා හොඳයි.