Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

තත්ත්වය සෝචනීයයි. ගතවූ මාස 5ට ජීවිත 965ක් අහිමි වී ගිහින්…

මේ වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයින් 965 දෙනෙකු රිය අනතුරුවලින් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි මස පළමු වන දින සිට මැයි මස 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් මෙම පිරිස මියගොස් ඇති බවය.

එම කාලය තුළ මාරක රිය අනතුරු 902ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව මේ වසරේ ගත වූ කාලය තුළ බරපතළ අනතුරුව 1,842ක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරික්ෂාකාරී ධාවනය , බිමත්ව රිය ධාවනය සහ වාහන නිසි පරිදි නඩත්තු නොකිරම අනතුරු රැසකට හේතුවී ඇති බව පොලීසිය පවසනවා.

රිය අනතුරු අවම කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!