සයුරෙන් එහා පුවත්

මියගිය පසුත් දුප්පතුන් සමග විසීමට ප්‍රිය කල සරල සුදතුම් පියා…

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.
ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය ඉතාලියේ ‘සන්ටා මරියා මජෝරේ’ ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරනු ඇත. එය විදේශ සංචාරවලට පෙර සහ පසු උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට ගිය දේවස්ථානයකි.

උන්වහන්සේගේ මෙම තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ එතරම් සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි උන්වහන්සේගේ ජීවිත කාලය පුරා ම පැවති අනුකම්පාවයි.

රෝමයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකදී හමුවන මෙම බැසිලිකාව පිහිටා ඇත්තේ, නගරයේ කම්කරු පන්තියේ ජනතාව වෙසෙන සහ විවිධත්වයෙන් පිරුණු කොටසක වන අතර, එහි චීන සුපිරි වෙළෙඳසැල්, අප්‍රිකානු කොණ්ඩා සැකසුම් ස්ථාන, ඉන්දියානු අවන්හල් සහ බංග්ලාදේශ සාප්පු සාම්ප්‍රදායික රෝමානු කැෆේ සහ ගෘහ නිර්මාණ ශිල්පය සමග මිශ්‍ර වී ඇති පරිසරයක ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!