ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් සංචිතයට දැන් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවක්..!
එංගලන්ත කාන්තා A කණ්ඩායම සමඟ පැවැත්වෙන T20 තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා කාන්තා A සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සියානා ජින්ජර් නම් ක්‍රීඩිකාවද නම් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් හි ටවුන්ස්විල් ප්‍රදේශයේ ජීවත්වන ඇයගේ වයස අවුරුදු 19 ක්. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා කරන ඇය දකුණු මඳ වේග පන්දු යවන්නියක් සහ දකුණත් මැදපෙල පිතිකාරිනියක්…
නිමා වූ කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දස වන අදියර සදහා ක්‍රීඩා කළ සියානා ජින්ජර් Brisbane Heat කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලා…
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සියානා ජින්ජර්ට ඉදිරියේදී ඔස්ට්‍රේලියා කාන්තා ජාතික කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් හිමි වනු ඇති බවටයි බොහෝ දෙනාගේ විශ්වාසය පළ කරන්නේ..