තරු ගොසිප්

ලොව පුරා ප්‍රදර්ශනය කරන්න යන සෝනා එක්ක රිදී තිරයට එන ආත්මි අක්කා…

පුංචි තිරය හැඩ කරන නව පරපුරේ ජනප්‍රිය නිළි, මියෝනා ද සිල්වා නුදුරේදීම සිනමාවට පිවිසෙන්නයි සූදානම.

ඒ, ‘සෝණා’ සිනමා සිත්තම එක්ක.

‘සෝණා’, පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ආදරය, ත්‍රාසය, භීතිය මුසු වුණු සිනමා නිර්මාණයක්.

චිත්‍රපටය මැයි 9 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිත බව සඳහන්.

මෙහි අධ්‍යක්ෂණය ශාන් ජයරත්න විසින්. එය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂයි.

‘සෝණා’ හැඩකරන අනෙක් තරු පිරිවර වන්නේ ක්ලීටස් මෙන්ඩිස්, චින්තක වාස්, වසන්ත කුමාරවිල, මොරීන් චාරුනී, අනුරාධ මල්ලවාරච්චි, පැතුම් විදානගමගේ, උපතිස්ස බාලසූරිය, දිල්කි දිසානායක, නිපුන් ප්‍රනාන්දු, ගාවින්ධ නවරත්න, පසිඳු හාල්පාන්දෙණිය, කසුන් දුෂ්‍යන්ත, ආරියසේන ගමගේ, මනෝජ් යාලගල, සසිත සේනානායක, සිසිර ගීකියනගේ, සමන් හේමපාලගේ, සුදිනි සින්දවී, දයා සමරසිංහ යන අයයි.

‘සෝණා’ නිෂ්පාදනය කෙරෙන්නේ මහීතරු ප්‍රඩක්ෂන්ස් වෙතින්. එහි තිර රචනය ප්‍රියනාත් විදානපතිරණ, නිලංක ඇලෙක්සැන්ඩර් විසින්.

චිත්‍රපටය අමෙරිකාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තය ඇතුළු රටවල් කිහිපයකම ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!