දේශීය පුවත්
-
“මෙහෙම දරාගැනීමක්, ඉගෙනගැනීමක් ගැන කිසිදවසක තවත් දෙමාපියෙකුට නොලැබේවා…” ආදරණීය ඇයගේ වියෝවෙන් පසු දුලන්‍යාගේ පියා මුහුණුපොතට සටහනක් තබයි..
ඇය මියයන තෙක්ම සුන්දර ළමා විය කෙළිදෙලෙන් ගත කළ සුරතලියක්. අම්මා, තාත්තා, සහෝදරියන් එක්ක ජීවිතේ ගෙවා දැමූ ලස්සන කාලය මතකයක්ම පමණක් කරමින් පුංචි දුලන්‍යා සිහසුනී පසුගිය දිනක ජීවිතයෙන් සමුගත්තා. ඒ බොහෝ කාලයක් ඇය පිළිකා මාරයා සමග සටන් කිරීමෙන් පසුවයි. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබපු මේ පුංචි දැරිය දැන් සියලුදෙනා අතරින් සමුගෙන ගිහින්. ඇයට ආදරය කරන පවුලේ සැම තවමත් මේ සමුගැනීම…
Read More » -
හමුදා භාණ්ඩ ප්‍රවාහන යානයක් කඩා වැටෙයි.. 15කට ජීවිත අහිමි වෙද්දී, තවත් 30කට තුවාලයි..
බොලිවියානු ගුවන් හමුදාවට අයත් C-130H හර්කියුලිස් (C-130H Hercules) වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් ලා පාස් (La Paz) නුවර එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට (El Alto Inteational Airport) පිටතින් පිහිටි ප්‍රධාන මාවතකට කඩා වැටී තිබෙනවා. එල් ඇල්ටෝ ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ ගුවන් යානය ගොඩබැස්සවීමේදී ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි මාවතකට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ. එසේම අධික වර්ෂාව…
Read More » -
දිනෙන් දින වැඩි වුණු රන්මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න..
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්. දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් අඩු වෙලා. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,605,833.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,650.00ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,930.00ක් සහ රුපියල් 49,570.00ක් ලෙසයි සඳහන්…
Read More » -
කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්..
කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද (26) උදැසන මෙම ගින්න හටගෙන ඇති බවය. මේ වන විටත් ගින්න පැතිරෙමින් පවතින අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොමුකර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
Read More » -
ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් ඉවතට..
ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. එම සමාගම සහ එහි සේවකයින් විසින්ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර…
Read More » -
පයාගලදී දුම්රිය මගට දැමූ කැබ් එක හැපී මියගිය ව්‍යාපෘති නිලධාරී තරුණයින් දෙන්නා..
පයාගල ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කිරීමට උත්සාහ කළ කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ ඛේදවාචකයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 22 වැනිදා පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ දියලගොඩ පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අදාළ සමාගමේ ව්‍යාපෘති පරිපාලන නිලධාරියෙකු වූ රඹුක්කන, බෝලගම, ඇල්ලේදෙනියවත්තේ පදිංචි…
Read More » -
ත්‍රීවීල් එක බේරන්න ගිහින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ… පන්නිපිටියේ රිය අනතුරේ ඇතුළු පැත්ත මෙන්න..
හයිලෙවල් මාර්ගයෙන් අද උදෑසන වාර්තා වන්නේ ඉතාමත් අවාසනාවන්ත පුවතක්. පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කරන ආකාරයට අනතුරට මුල් වී ඇත්තේ ඉන්ධන පිරවුම්හලක සිට අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක්. එම ත්‍රිරෝද රථයේ ගැටීම වැළැක්වීමට උත්සාහ කළ සුඛෝපභෝගී බස් රථයක්, මාර්ගයේ නවතා තිබූ ලොරියක දරුණු ලෙස ගැටී මෙම…
Read More » -
කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ වෙනසක්.. රත්තරන් මිලේ හදිසි පිම්ම ගැන හැමෝම පුදුම වෙයි..
මංගල උත්සවයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න, එහෙමත් නැත්නම් රත්තරන් ආයෝජනයක් විදිහට ගන්න හිතාගෙන ඉන්න අයට අද උදෑසනම අසන්නට ලැබුණේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පුවතක්. ලෝක වෙළෙඳපොළේ සිදුවන හදිසි වෙනස්වීම් හමුවේ මෙරට රන් වෙළෙඳපොළේ ද මින් පෙර නොවූ විරූ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ රන් මිල යම් ස්ථාවර මට්ටමක පවතියි කියා වුවත්, පසුගිය පැය 48 ඇතුළත රන් පවුමක මිල…
Read More » -
world cup නිසා බිත්තර සහ චිකන් මිල ඉහලට….
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ කුකුළු මස් හා බිත්තර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. කුකුළු මස් නිෂ්පාදකයෝ පෙන්වා දෙන්නේ, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමඟ සංචාරක හෝටල් ඇතුළු සමස්ත හෝටල් ක්ෂේත්‍රය තුළ බිත්තර හා කුකුළු මස් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මෙම…
Read More » -
ලංකාවේ අලි බලපු පළමු කාන්තාව ඥානාවතී මියයයි. මියයන්න කලින් ඇය බලපු අන්තිම අලියා ගැන හෙළිවූ සංවේදී කතාව..
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් බලාගන්නා ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ, මෙරට ප්‍රථම ඇත්ගොව්වී ලෙස සැලකෙන පී. ඥානාවතී මහත්මිය (75) අභාවප්‍රාප්ත වූ පුවතක් වාර්තා වනවා. හැඩිගල්ල දික්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය, කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවියෙන් සමුගෙන තිබෙනවා. ඇයගේ මෙම අසාමාන්‍ය ගමන ආරම්භ වන්නේ 1985 වසරේදීයි. දොම්පේ ප්‍රදේශයේ සිටි ඇය, සරත් ගාමිණී රාජපක්ෂ මහතා සමඟ විවාහ වී හැඩිගල්ලට පැමිණීමෙන් පසු…
Read More »