තරු ගොසිප්

ගෙදර වැඩිහිටි අය රෙදි වැලවල් යටින් යන්න එපා කිව්වට ඔයත් ගණන් ගත්තේ නෑ නේද ? මෙන්න එහෙම කරන්න එපා කියන්න ඇත්තම හේතුව…

කාරණාව නම් මිත්‍යාවක් නෙවෙයි. ඇත්තටම අපි නිවස රෙදි වැලක් යටින් යන්න හොඳ නෑ.

ඒකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමක් කරන්න ඕනම නෑ. අපි හැමෝටම විශ්වයෙන් ලැබුණු යම් බලයක් තියෙනවා. අපි ඒ බලය අවතක්සේරුවට ලක් කරන්න හොඳ නැහැ.

රෙදි වැලට අපි කියන්නේ කිලි වැලක් කියලා. සාමාන්‍යයෙන් කාන්තාවන් දෙන්නෙක් සිටින නිවසක මාසයකට වරක් සති දෙකකට සැරයක්වත් කිල්ලට අහුවුන රෙදි හෝදලා වැලට දානවනේ.

ආන්න ඒකයි කිලිවැල කියන්නේ. ඉතිං ඒ වගේ වැලකට යටින් හිස පහත් කරන් යනවා කියන්නේ අපේ බලය කිල්ලකට අවකත්සේරු කරන එක. මෙතැනදි පැහැදිලිවම කියන්න ඕන කිල්ල කියන්නේ අපවිත්‍ර කම මිසක් කාන්තාව අපවිත්‍රයි කියලා නම් නෙවෙයි. කාන්තාව කියන්නේ උතුම් චරිතයක්.

කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා ශරීරයෙන් පිටවන අපද්‍රව්‍ය කිලි තමයි. මළ ගෙදරකට ගියාම කිල්ලකට අහු වෙනවා කියන්නේ එතැන අපවිත්‍ර තැනක් වන හින්දා. ඉතිං විශ්වයෙන් අපට ලැබෙන ඒ සුබ කිරණවල් අපිරිසිදු තැන් වලට යටින් හිස නමා ගියාම ලැබෙන්නේ නැතුව යනවා.

එතැනදි අපට සහජයෙන් උරුම වෙලා තියෙන බලයට අවමානයක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසයි රෙදි වැලක් යටින් යන්න එපා කියන්නේ.

සමහර ගෙවල් තියෙනවා ගේ වටේම රෙදි වැල් බැඳලා. රෙදි දාලා. යන්න වෙන්නේ ඒ වැල් යටින්. එහෙම උනහම ඒ ගෙවල් වල දියුණුව අඩුයි. නිතරම මොකක් හෝ ප්‍රශ්නයක් වෙන්නේ අර සුබ කිරණ ලැබෙන්නේ නැති හින්දා.

දැන් නිකමට හිතලා බලන්න ලස්සනට පිරිසිදුවට අනවශ්‍ය කුණු රොඩු ගොඩ ගහගෙන නැතුව තියෙන ගෙවල් වලට නිතරම වාසනාව දියුණුව ලැබෙනවා. ඒත් අනවශ්‍ය පරණ කැඩිච්ච බඩුබාහිරාදිය තැන් තැන් වල පුරවගෙන තියෙන ගෙවල් වල නිතරම මොනව හෝ ප්‍රශ්න ඇති වෙනවා.

දියුණුව අඩුයි. මොකද ඒ තැන් වල කිලි නැත්තම් අපිරිසිදු බව හින්දා සුබවාදී කිරණවල් ඇතුළු වෙන්නේ නැති හින්දා. විශේෂයෙන් නිවසක ඊසාන දිශාව ඉතාමත් පිරිසිදුව තියෙන්නම ඕන.

උපුටා ගැනීමකි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!