නයනාගේ උපන්දිනයට සුබපැතූ ගයත්‍රි සංවේදී වෙයි… සම්පූර්ණ විස්තරේ මෙන්න.

නයනාගේ උපන්දිනයට සුබපැතූ ගයත්‍රි සංවේදී වෙයි… සම්පූර්ණ විස්තරේ මෙන්න.

යාලුවෝ කියන්නේ අහසේ තාරුකා වගේ… එයාලා දුරින් හිටියත් එළිය දෙනවා… ජීවිතේට ලස්සන මතක එකතු කරනවා… මේ කියන්න හදන්නේ ඒ වගේ ලස්සන මතක හදවතේ ගැඹුරින් තියාගෙන ඉන්න යාලුවෝ දෙන්නෙක් ගැන කතාවක්…

ඔව් ඔ‍යාලා දැනටමත් දන්නවානේ ඒ කවුද කියලා… නයනා.. ගයාත්‍රී … තමයි ඒ දෙන්නා… අද නයනාගේ උපන්දිනය… ඉතිං ඇයට සුබ පතලා ගයාත්‍රී නයනා ගැන ලියලා තිබ්බේ මෙන්න මේ විදිහටයි…

උපුටා ගැනීම…

හොඳ යාලුවෙක් කියලා කියන්නේ කෙනෙක්ට සහෝදරියක් වගේ. සහෝදරයෙක් වගේ? ඉතින් අපිට පුළුවන්නම් අවුරුදු ගණනාවක් යාළුකමක් පවත්වාගෙන යන්න ඇත්තටමයි මමයි හම්බෙලා අපි දෙන්නගෙ යාළුකමට මෙය අවුරුද්දට අවුරුදු තිහක් වෙනවා. එතකොට අපේ වයසෙන් හරියටම හතරෙන් තුනක්ම අපි යාලුවෝ හැටියට ඉඳලා තියෙනවා. ඉතින් ඇත්තටම මගේ ජීවිතයේ මගේ ළඟට විවිධාකාර යාළුවො වගේ යාළුවො වේසයෙන් මගේ ළඟට ආපු ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ කවුරුත් මගේ යාළුවො වුණෙත් නෑ. මට කවදාවත් යහපතක් කළෙත් නෑ. නමුත්….
ඉඳහිට පොඩි පොඩි හිත් අමනාපකම් තිබුණත්,අපි ඉඳ හිට කතා නොකර හිටියත්,අපි නිතරම හමු නොවුනත්,ඉස්සර වගේ නමුත් අපේ හිත්වල තිබිච්ච බැඳීම ඒ වගේමයි. ඉතින් කවුරු මගේ ලෝකෙට ආවත් අපේ ලෝකවලට කවුරු ආවත් මං තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. හැමදාමත් මගේ ලෝකේ මගේ ජීවිතේ මට යාළුවෙක් හිටියා නං එ යාළුවා නයනා විතරමයි. ඒකට හේතුව මොනවා විදියකින්වත් මොනම හේතුවකටවත් අපි දෙන්න කතා නොකර ඉන්න කාලෙක උනත් ඇය මට අපහාස කලෙත් නැහැ. මම ඇයට අපහාස කලෙත් නැහැ. ඒකට හේතුව ඇය කවුද කියලා මමත් මම කවුද කියලා එයත්. මං හිතන්නේ ඒ වගේ බොන්ඩ් එකක් තිබුන නිසා.
අද වෙනකොට නයනත් ගොඩක්කාර බහුලයි. මමත් කාර්යබහුලයි. අපේ ඇත්තටම අපේ දරුවන්ගේ වැඩවලදී කාර්යබහුලයි අපේ ව්‍යාපාර කටයුතුවලත්. ඒ නිසා අපිට වෙනදා වගේ විනෝද වෙන්න එළියට යන්න හම්බවෙන්න වෙලාවක් නැහැ. නමුත් අපි විශේෂ අවස්ථානවල තිබුණ ගැහෙනවා. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේට හමුවුණු හොඳම හමුවීම තමා මට නයනව හමුවීම. මං හිතන්නේ ඒ යාළුකම හැමදාම තියේවි. මේ ලගදිම ගත්ත පින්තූරයක්. මම හිතන්නේ වෙනදටත් වඩා අපි යාළුකමෙන් එකතු වෙලා ඉන්නවා කියලයි. හැමදාම මේ යාළුකම තියාගන්න මම උපරිම උත්සාහ දරනවා.
ඔයාට නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ උපන්දිනයක් ම වේවා තෙරුවන් සරණයි.

උපුටාගැනීම අවසන්…

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *