දේශීය පුවත්

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් මෙන්න !

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලමහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (26) පුද්ගලික මාධ්‍ය ආයතනයක වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට නොහැකිබවය.

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම යට පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට රුවන්වැල්ලේ මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධවුණා. බුද්ධි තොරතුරු අරගෙන. විතරක් නෙමෙයි අවිස්සාවේල්ලේ. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා.”

අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ.”

අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සහ පාතාලයසම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පතිඇතුළු කණ්ඩායමට.”

අපි සියලුම පොලිස් නිලධාරීන්ට කියන්නේ මහජන වරමට ගරු කරන්න කියලා.”

ඊයේ පෙරේදා ආයෙත් පාතාල සිද්ධි ඉස්මතු වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!